ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් 2019 කාල වකවානුවේදී ඉදිකිරීමට ආරම්භ කළ ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩකටයුතු මේ වන විට අවසන් කරමින් තිබෙන අතර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබුනේ “මෙය අපේ සිහිනයක්” යනුවෙනි.

ගොටභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රජයෙන් මෙම ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වූ නමුත් විපක්ෂයේ ප්‍රභල හඬ හමුවේ දැන් දැන් මෙම ගබඩා සංකීරණයේ වැඩකටයුතු සිදුවන බවයි එතුමා සඳහන් කර තිබුනේ.

නොබෝ දිනකින් බිහිවන සමගි ජන බලවේග රජයකින් මෙම ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර ගොවි දිවියට නව්‍ය හැරවුමක් ඇති කරන බවත් මින් නොනැවතී මෙරට කෘෂි කාර්මික ප්‍රදේශ ආවරණය වන පරිදි මෙවැනි කෘෂි ගබඩා ජාලයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙම පණිවුඩය තබමින් කියා සිටියේ.