ලංකාවේ රෝහල් තුළ ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍ය සායන පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවත් ග්‍රාමීය හා නාගරික රෝහල් රැසක් පවත්වාගෙන යාමටත් නොහැකි තරම් ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති වීමේ අවධානමක් සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විශේෂඥ චමල් සංජීව මහතා සඳහන් කරනවා.

ඔහු අවධාරණය කරන්නේ වෛද්‍යවරුන් තමන්ට ලැබෙන පළමු අවස්ථාවෙන්ම රට හැරයාමට උත්සාහ කිරීමේ තත්වයක් උද්ගත් වී තිබෙන බවත් පසුගිය වසර පහකට ආසන්න කාල සීමාවේදී වෛද්‍යවරුන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

මෙවැනි රටේ සෞඛ්‍ය පද්ධතිය අවධානම් තත්වයකට පත්ව ඇති පසුබිමක කාර්යමණ්ඩල වැඩි කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබාදීමට දක්වන මැලිකම ද සෞඛ්‍ය සේවයට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවයි චමල් සංජිව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.