ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඊයේ (29) දින කොළඹදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා.

මෙම හමුවේදී දෙරටේ ආරක්ෂක කරුණු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එළඹෙන සැප්තැම්බර් 21 වන දින මෙරට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ⁣දෝවාල් මහතා අතර පැය එක හමාරකට ආසන්න කාලයක් දෙරට අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.