ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ආරක්ෂා කර රටේ නීතියෙ ආධිපත්‍ය සුරකිමින ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආරක්ෂා කර යහපත් රජයක් උදෙසා වගවෙන වගකියන පාලනයක් ගෙන යන බවත් සෘජු වී මෘදු වී දසරාජ ධර්මය කේන්ද්‍ර කර ගෙන කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ලොකුම ශක්තිය වන්නෙ එකමුතුභාවය බවත් එම නිසා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව එකමුතුභාවය පෙරටු කර ගෙන කටයුතු කරන බවත් ඊට අමතරව රජයෙ සෑම ගනුදෙනුවක්ම විනිවිදභාවයෙන් යුක්තව සිදුව කරන බවත් නිවැරදි පිළිවෙත අනුගමනය කළහොත් කාටවත් සොරා කැ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කෝට්ටේ රජමහා විහාරයට පැමිණි අවස්ථාවේ දී ය.

ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් තොර ක්‍රමවේද නිසා බොහෝ දුෂණ සිදුවන බවත් එම නිසා නිසි ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හදීසි අවස්ථාවන් කියා සිදු කරන ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර මිල දී ගැනීම් නිසා පසුගිය කාලයේ විශාල මුල්‍ය වංචා සිදුවූ බවත් VFS ගනුදෙනුව වැනි දූෂිත ගනුදෙනු සිදුවු බවත් උසාවිය මේ සදහා තීන්දුවක් පවා දී ඇති බවත් එම නිසා රාජ්‍ය පාලනයක් තුළ විනිවිදභාවයක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.