අප සියලුදෙනාගේ අනාගත වගකීම වී තිබෙන්න රට අනතුරෙන් බේරාගැනීමේ වගකීම බව ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මේ වන විට රටේ ආර්ථිකය, ජාතික සම්පත්, රටේ නීතිය, දරුවන්ගේ අධ්‍යාපනය, ප්‍රජාතන්ත්‍රවාදය දරුණු අනතුරක තිබෙන බවත් සමගි ජන බලවේගය හැර අනෙකුත් ප්‍රධාන කඳවුරු සියල්ල අනතුරත් සමඟ ජීවත්වීමේ ක්‍රියාමාර්ගයක නිරතවන බවත් අද කුරුණෑගල සත්‍යවාදී පිටියෙන් ආරම්භ කළ විජයග්‍රාහී මංගල ජන රැළිය අමතමින් ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මේ පංචමහා අනතුරත් සමඟ ජිවත් වනවාද?, අනතුරෙන් මියදෙනවද?, නැතිනම් අනතුරෙන් රට බෙරගන්නවද ? යන අභියෝගය සියලු ජනයාගේ දෙව්ර මත පටවා තිබෙන බවයි එතුමා සඳහන් කරන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් දරුණු අනතුරකට ඇද දමා තිබෙන වත්මන් පාලකයින් පළාත් සභා, ප්‍රදේශික සභා සහ පාර්ලිමේන්තුව කියන ආයතන තුනෙන් ආයතන දෙකක් අඩපන කර තිබෙන මොහොතක එළඹෙන ජනාධිපතිවරණය පවා ඉතාමත් අපහසුවෙන් දිනාගත් ජයග්‍රහණයක් බවයි අලහප්පෙරුම මහතා සඳහන් කළේ.

එතුමා වැඩිදුරටත් කරුණු දක්වමින් රැස්ව සිටි පිරිසට අවධාරණය කරමින් කියා සිටියේ පංචමහා අනතුරුවලින් රට බේරාගන්නා අභියෝගය බාරගැනීමට සමගි ජන බලවේග රජයක් පිහිටුවාගැනීමට නම් සියලුදෙනාගේ ශක්තිය දෛර්යය අවශ්‍ය බවයි.