අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් රක්නා ලංකා සමාගමට පවරා තිබෙනවා. ඒ, මෙතෙක් එම කටයුතු සිදු කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එම කටයුතුවලින් ඉවත්වීමත් සමගයි.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙරේදා සිට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.
ඒ සඳහා මසකට රුපියල් මිලියන 12 ක් පමණ වැය කිරීමට සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කියා සිටියා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම හා කුරුණෑගල අතර කොටසේ ආරක්ෂක හා මුදා ගැනීමේ මෙහෙයුම් පළාත් පාලන ආයතන වෙත පවරා ඇති බව අධිකාරිය පවසනවා.
පසුගිය මස 24 වන දින ලංකා ට්රුත් වෙබ් අඩවිය වාර්තා කර තිබුනී මෙම ආරක්ෂක කටයුතු රක්නා ලංකා සමාගම නමින් ලබා ගෙන ඇවන්ට්ගාඩ් සමාගමට උප කොන්ත්‍රාත් වශයෙන් ලබාදීමේ සූදානමක් තිබෙන බව ය.