හිනිදුම ආසන සංවිධායක හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ ආරාධනා මත සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් දැනුවත් කරන ජන හමුවක් අද දිනයේ දී පැවත්වුණි .

balavegaya IMG 20220105 WA0127

ඒ නාගොඩ චෙරිස් ගාර්ඩ්න් උත්සව ශාලාවේ දීය.

මෙහිදී සරත් ෆොන්සේකා මහාතා පවසා සිටියේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සාමාන්‍ය ජනතාවට එය බලපෑ බලපා ඇති ආකාරය සහ ඉදිරියේදී සිදුවිය හැකි ආර්ථික අර්බුදය පිළිබඳවයි.

balavegaya IMG 20220105 WA0124

ඉදිරියේදී දූෂිත පාලකයන් පලවා හැර මහජනතාවගේ කැමැත්තෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් නව රජයක් පිහිටුවීම සිදු කළ යුතු බව ඒ මහතා අවධාරණය කළේය.

balavegaya IMG 20220105 WA0114

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන,විජේපාල හෙට්ටිආරච්චි බන්දුලාල් බණ්ඩාරිගොඩ,ඇතුළු ගාල්ල දිස්ත්රික්කයේ ආසන සංවිධායකවරුන්,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,කොට්ඨාස නියෝජිතයන් අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.