කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ 40% ක කොටස් සහ LNG සැපයුම ඇමරිකානු සමාගමකට පැවරීමට අදාලව අත්සන් තබා ඇති ගිවිසුමේ පිටපතක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ඉල්ලීම මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

චම්පික රණවක මහතා පවසන්නේ මෙය ජනතාව සතු, තොරතුරු දැන ගැනීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවයි. ගිවිසුමේ පිටපතක් ලබා දෙන්නැයි ලිඛිතවම ඉල්ලා තිබියදී මුදල් අමාත්‍යංශයේ නිළධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇති බව මන්ත්‍රීවරයා පවසනවා.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් දැන ගැනීමේ අයිතිය මහජන නියෝජිතයන්ට මෙන්ම රටේ ජනතාවටද ඇති බව පවසමින් ගිවිසුමේ ඇතුළත් කරුණු පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත් මේ දක්වා එම ඉල්ලීම ඉටුකර නොමැත.

මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පවසන්නේ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය පවා ප්‍රමාණවත් ලෙස දැනුවත් කර නොමැති බව