IMF එක ලංකාව සමග සතියක් සාකච්ඡා පැවැත්වැන බවත් ඒ අය මේ මස අවසාන මස ව​න විට staff level agreement එකට එන්න පලුවන් බවත් ඊයේ පැවති මධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සතියක රැස්වීම් සඳහා ලංකාවට පැමිණිලා ඉන්නවා රජයේ බලාපොරොත්තුව මේ මාසේ අවසන් වෙනකොට ඒ අයට staff level agreement එකට එන්න පුළුවන් වෙයි කියන එක.

ඒ ගැන අපට ඉස්සරහට බලන්න පුළුවන් ගැටලුව වෙලා තියෙන්නේ අපි දැක්කා මහ බැංකුවේ අධිපතිවරයා දවස් දෙකකට කලින් කියනවා තවම ණය හිමියන් සමග ලංකාවේ රජය කිසිම සාකච්ඡා පටන් අරන් නැහැ කියලා එතුමා කියන්නේ මාණ්ඩලික එකඟතාවයක් ලබා ගත්තට පස්සේ ණය හිමියන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේක ගැටලු සහගත තත්ත්වයක් මොකද මාණ්ඩලික එකඟතාවය ඇතිකරගන්න යම්කිසි විදිහක වැඩපිළිවෙළක් රජයේ ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා ණය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා මොකද අපේ ණය තිරසාර නැහැ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැන් වෙනකොට ශ්‍රේණිගත කරලා තියෙනවා ඒ කියන්නේ අපි බංකොලොත් කියන එක අප්‍රේල් මාසේ දොළොස් වැනි දා ඉඳලා අපි බහුපාර්ශ්වික ආයතන වලට ඇරෙන්න ගෙවන සියලු ණය නවත්තලා තියෙන්නෙ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිව්‍යුහගත කර ගන්න තවම කිසිදු සාකච්චාවක් ආරම්භ කරල නැහැ කියලා එය යම්කිසි විදියකට තැතිගන්වන සුළු කතාවක්. අපි හරියටම දන්නේ නෑ ඔවුන්ට කතා නොකර අපි කොහොමද ඔවුන් සමග ගෙවන්න තියෙන ණය ප්‍රතිව්‍යූහගත කරගන්න සැලැස්මක් ගහගෙන තියෙන්නේ කියලා මම මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රශ්න කරන්න යන්නේ නැහැ.

ඔහු සහ මුදල් අමාත්‍යංශයේ වැඩ කරගෙන යනවා, ඒ අතරවාරයේදී අපි අහන ප්‍රශ්නය? කරුණාකරලා යම්කිසි විදියක රටේ ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් වෙන විදියට විනිවිදභාවයක් තිබුණ නම් තවත් හොඳයි කියන එක .අපේ මතය වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාණ්ඩලික එකගතාවය ලබා ගැනීම සඳහා බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ මේ අවස්ථාවේ සිදු වෙමින් පවතිනවා. අපි දැක්කා විදුලි ඒකකයක මිල 75%කින් වැඩිවෙලා තියෙනවා සමහර කණ්ඩායම් වලට ඒ මිල 200% ගානකින් වැඩි වෙලා තියෙනවා නම් average 175% අපි දැක්කා භූමිතෙල් මිල විශාල ලෙස වැඩි වෙලා තියෙනවා විපක්ෂයක් විදිහට මේ සම්බන්ධයෙන් අපි කොයි ආකාරයෙන් ද දකින්නේ අපේ රටේ අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපේ මතය කුමක්ද අපි සාමාන්‍ය දේශපාලඥයන් හැටියට හැමදාම රජය විසින් කරන දේ වැරදියි කියන්න සූදානම් ද, එහෙම නැත්නම් අපිට ජනතාව සමග මේ සම්බන්ධයෙන් යම්කිසි සංවාදයක් ඇති කරගන්න ඕනද ,කියන දේ පිළිබඳව අපි පක්ෂයක් විදිහට දීර්ඝ සාකච්ඡාව නියැළිලා ඉන්නවා. අපි මේ සම්බන්ධයෙන් මතය සදුදා පාර්ලිමේන්තු විවාදයේ දී එළිදක්වනවා.

නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ විය යුතුයි කියන මතයේ අප ඉන්නවා.නමුත් එය සිද්ධ කරන විදිය පිළිබඳව රජය සමග ගැටළු තිබෙනවා ප්‍රතිසංස්කරණ කරාම අපේ සමාජයේ ඉන්න සියලුම ස්ථරවල පුද්ගලයන්ට එන බලපෑම එක් විදිහට ඔවුන් මතට පැටවෙන්නේ නැහැ උදාහරණයක් විදියට ඉහල ආදායම් තියෙන කණ්ඩායම් වලට වඩා ආර්ථික ප්‍රතිසංස්කරණ වල සෘණාත්මක බලපෑම අඩු ආදායම් කට්ටියට තදින් දැනෙනවා එතකොට එහෙම නම් කොයි ආකාරයෙන්ද ප්‍රතිසංස්කරණ කළ යුත්තේ. උදාහරණයක් විදියට භූමිතෙල් මිල වැඩි කරාම කුප්පි ලාම්පු පත්තු කරන කට්ටිය හා වතු ආශ්‍රිතව ජීවත්වන කට්ටියට දැඩිව බලපානවා එහිදී රජය කළ යුතුව තිබුණේ මොකක්ද අපේ යෝජනාවල තිබුණේ කරුණාකරලා ප්‍රතිසංස්කරණ කරනවා නම් අදාල මුදල් ලබා දීමක් යම්කිසි සමාජය කොටස්වලට කළ යුතුයි. ඒක නොකර පෙට්රල් මිල ඩීසල් මිල භූමිතෙල් මිල ලයිට් බිල වැඩි කරන එක සම්බන්ධයෙන් අපේ දැඩි විවේචනයක් තියෙනවා.

නමුත් අපි කියන්නේ නැහැ ආර්ථිකයේ කළ යුතු ප්‍රතිසංස්කරණ නොකළ යුතුයි කියලා .එසේ නොකර අපිට රට ගොඩගන්න බැහැ ඒක කරන ආකාරය ඒකාධිපතියෝ වගේ කරන්න බැහැ අපට මේක හදිසි නීතිය පාවිච්චි කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බලෙන් කරන්න බෑ එහෙම කරන්න ගියොත් සිද්ධ වෙන්නේ තවත් විශාල සමාජ ප්‍රතිවිරෝධයක් විනාශයක් වෙන්න පුළුවන් ඒ නිසා අපේ මතය මෙය කළ යුත්තේ කොහොමද කියන එක විවාදයේ දී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කෙසේ වෙතත් මේ සතිය ඉතාමත්ම වැදගත් අපේ ආර්ථික ගොඩගැනීම සඳහා රජය මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සිද්ධ වෙන මේ සාකච්ඡා. අපි බලාපොරොත්තු වෙනවා ඒවා සාර්ථක වේවි කියලා මොකද අසාර්ථක උනොත් එහෙම අපි කාටත් මේ රටේ සියලු ජනතාවට දුෂ්කර යථාර්ථයට දිගින් දිගටම මුහුණ දෙන්න සිද්ධ වෙයි එමනිසා විපක්ෂයක් විදිහට අපේ සහයෝගය ජනතාව අමාරුවට වැටෙන්නේ නැති විදිහට ඔවුන්ගේ අවශ්‍යතාවයන් වලට රජය සවන් දෙන ආකාරයෙන් විවේචනය සිද්ධ කරමින් අපි සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.