මානව හිමිකම් උල්ලංඝනය, දූෂණ හා මූල්‍ය වංචා නිසා අද අපේ රට ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙන බවත්, එය මේ රට හසුරවපු, පාලනය කරපු ගෝත්රවාදී නායකයින්ගේ කියුම් කෙරුම් නිසා සිදුවූ දෙයක් බවත් අද (06) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් තුෂාර ඉඳුනිල් මහතා පැවසිය.
ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා
අද අපට ඉතාම වැදගත් දිනයක්. ජිනීවා සමුළුවේ 51/1 ශ්‍රී ලංකාව පිළිබඳව සැලකිල්ලට ගන්න යෝජනාව විවාදයට ගන්න දවස. මම හිතන්නේ අපි ඉතාමත්ම නරක තැනක ජිනීවා සමුළුවේ යෝජනාව සම්බන්ධයෙන් ඉන්නේ. අද දවසේ පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළා අපට විශාල වශයෙන් අවාසිදායක තත්ත්වයක් ලෝකය තුළ නිර්මාණය වෙලා තියෙන කාරණය.
අපිත් කණගාටුවෙන් මේ කතා කරන්නේ ලෝකෙම උතුම් රට ලංකාවයි කියල කිව්වට ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා අපි පුංචි කාලේ අහල තිබුනට අද අපිට දැනෙනවා මේ ලංකාව හසුරවපු, පාලනය කරපු ගෝත්රවාදී නායකයින්ගේ කියුම් කෙරුම් තුළින් ලෝකය තුළ අපි පත්වෙලා තියෙන තත්ත්වය.
අද මේ වෙනකොට ලෝකය තුළ අපි ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තියෙනවා විතරක් නෙමෙයි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දූෂණ මූල්‍ය වංචා පිළිබඳව වාර්තාගත අත්දැකීම් මේ සියල්ලෙන් අද අපේ රට ප්‍රසිද්ධියට පත්වෙලා ජාත්‍යන්තරය තුළ අපි කොන් වෙන තත්ත්වයට ඇවිත් තිබෙනවා. එහි ප්‍රතිඵල අද හැන්දෑ වෙනකොට අපට බලාගන්න පුළුවන්.
මා දන්න හැටියට ලෝකෙ ඇමරිකාව ඇතුළු ආර්ථික වශයෙන් බලවත් රටවල් ශ්‍රී ලංකාවේ තියෙන වර්තමාන තත්ත්වයට එරෙහිව තමයි කටයුතු කරමින් සිටින්නේ.
මොකද මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වත් වෙනත් බලවේගයක් නිසා සිදුවෙන දෙයක් නෙමෙයි තල වැපුරුවාම මුං අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ වගේ අපේ රටේ ඉන්න ගෝත්රවාදී දූෂිත නායකයින් අපේ රට හසුරුව විදිය සහ රට තුළ ක්‍රියාත්මක වෙන විදිය පිළිබඳව ලෝකයෙන් ලැබෙන ඇගැයීම තමයි අපට අද ලැබෙන්නේ.
විශේෂයෙන්ම 51/1 යෝජනාව යටතේ අපේ රටට බරපතළ ආර්ථික අපරාධයක් කරපු ඒ අපරාධකරුවන් පිළිබඳව ලෝකයපුරා අද කතා වෙනවා. අපේ රටේ ආර්ථික අපරාධයක් කරපු මහ බැංකුවේ පී බී ජයසුන්දරලා කබ්රාල්ලාගෙන් පටන් ගත්තම රාජපක්ෂ පවුල් වල අයගේ ඒ කෙරුවාවන් පිළිබඳව අද ප්‍රතිඵල ජිනීවා සමුළුවෙන් බලාගන්න පුළුවන්.
මේ රටේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ පනත් ඉස්සරහට ගෙනල්ලා මේ රටේ සාධාරණ අරගලයන්ට නියුක්ත වෙලා ඉඳපු ඒ අරගලකාරී කණ්ඩායම් මර්දනය කරන්න අනුගමනය කරන නීති රීති ක්‍රියාපටිපාටි පිළිබඳ අද ජිනීවා සමුළුවේදී සාකච්ඡාවට භාජනය වෙනවා.
බරපතළ විදිහට මර්දනය, බරපතළ විදියට ,ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධතා ආකල්ප යටපත් කිරීම ඒ හරහා සිදුවන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ආර්ථික අපරාධය ඉස්සරහ අපරාධ කළ අයට දඬුවම් නැති කම. ඒ කරපු ආර්ථික අපරාධයන් ගෙන් බරපතළ විදියට පීඩාවට ලක් වෙලා ඉන්න අහිංසක ජනතාව අද වලපල්ලට වැටිල තියෙන තත්ත්වය මේ සියල්ලම අද ජිනීවා සමුළුවේ සාකච්ඡා වෙනවා.
අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා මම තමයි හොඳටම කරේ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලංකාව තුළ ලංකාවේ ජනතාවට හොඳටම කළා. එහිදී මොල හතක් තියෙනවා කිව්ව ඒ හතානෝ ආවම සියලු ප්‍රශ්න විසඳෙනවා කිව්වා අපි දැක්කා මොල හතානෝ ආවට පස්සෙ එතුමා රටේ ජනතාවට හොඳටම කරපු හැටිත් දැක්කා.
ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති වෙනකොට වජිර අබේවර්ධන කවි සින්දු ලිව්වා මේ තමයි ලෝකේ ඉන්න දක්ෂතම ප්රජාතන්ත්රවාදී නායකයා මුළු ලෝකයම රනිල් වික්‍රමසිංහ මහත්තයට ගරු කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට බයයි මුළු ලෝකෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා යටතේ ඉන්නවා වගේ කතා තමයි වජිර අබේවර්ධන රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කවි නිසැඳස් කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිත් ලංකාවේ ජනතාවට හොඳටම කළා.මොල හතානෝ ඇවිල්ලා ඊටත් වැඩිය හොඳට කළා දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇවිල්ලා ලෝකෙත් එක්ක හොඳ ගනුදෙනු කරන්න පුළුවන් කියපු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ කාලසීමාව තුළ අද ජිනීවා සමුළුවෙන් ලෝකයෙන් අපි කොන් වෙනවා පරදිනවා. මෙන්න ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවයි කියලා පුංචි කාලේ කවි ගීත ගයපු , ඉන්දියන් සාගරේ මුතුඇටය කියලා රට වර්ණනා කරපු අපිට මේ ගෝත්රවාදී රාජපක්ෂලා සහ ලෝකෙටම පණ්ඩිතයෙක්ය ලෝකයත් එක්ක සුහද ගනුදෙනුවක් කරනවා කියන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ අද ලෝකය තුළ අපිට හිමිවෙන තැන ඉතාම කණගාටුදායකයි. විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය අපි මේ ගැන සන්තෝෂ වෙන්නේ නැහැ.
අපිට බරපතළ වේදනාවක් කේන්තියක් තියෙනවා මේ කාරණය ගැන. මේ නියාමකවරු ශ්‍රී ලංකාව කියන නැව අන්ත ගෝත්රවාදය ආගමික වාදයෙන් දූපත් මානසිකත්වයෙන් පදවන්නයාමේ ප්‍රතිඵලය තමයි අපි අද භුක්ති විදින්නේ .
අපේ රටේ ජනතාව අහිංසක විදියට අද වේලක් නොකා දුක් විඳින්නේ මේ ගෝත්රවාදී නායකයො කරපු ඒ කෙරුවාවේ හපන් කම ඒ නිසා අද මේ සිද්ධියෙන් පස්සේ මොකක්ද වෙන්නේ ඩොලර් කීයක් ඇවිත් හුස්ම අරගෙන එන්න ඇඟලුම් ක්ෂේත්රයට ලැබිල තිබුන ජීඑස්පී සහනය වගේ දේවල් නැතුව යාවි.
මේ රටේ යන්තම් පණ ගැට ගැටගහගෙන හුස්ම ටිකක් අල්ලගෙන ඒ ඇඟලුම් කර්මාන්තයට කණකොකා හඬමින් ජීඑස්පී ප්ලස් සහනය නැතිව යාමෙන් අපි තවත් බරපතළ විදියට කබලෙන් ලිපට වැටෙනවා
අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ආවා ඒ ඇවිත් එයාගෙ ආර්ථික ආර්ථික සැලසුම ඉදිරිපත් කරනවා .වෙන්න බලාපොරොත්තු වෙනවා කරන්න අදහස් කරනවා මේ විදිහට සිදු වේවි අනාගත කාලයේ එතුමාගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළා.හැබැයි ඒ තුමා එක්ක වචනයක්සඳහන් කළේ නෑ ජිනීවා සමුළුවේදී අපේ රටට අත් වෙන්න තියෙන ප්‍රතිඵලය ගැන ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියන්නේ කරුණාකරලා දැන් අද උදේ ඇවිල්ල තමුන්නාන්සෙගෙ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න තිබිච්ච දවසක් නෙමෙයි. 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දින දෙකක විවාදයක් තිබිච්ච අවස්ථාවක් අද ඒ 22වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඒ සාකච්ඡාව අද කල් දාලා චෝදනා කරනවා. අපි විපක්ෂයෙන් අවශ්‍ය අදහස් ඉදිරිපත් කරල නැහැ කියලා අපි නිරන්තරයෙන් ම දහනම වැනි සංශෝධනයට එහා ගිය ප්රගතිශීලී කාරණා තියෙන 22වන සංශෝධනයක් අපට අවශ්‍යයි එම සංශෝධනය හරහා අපි මේ සංශෝධනයට පක්ෂයි කියන කාරණය කිව්වා.එහිදී මතු කරපු කාරණා ටිකක් අපි කියෙව්වා. විධායක ජනාධිපතිවරයාට ඇමතිකම් දැරීම නුසුදුසුයි. පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය වසර දෙකහමාරකින් කියලා අපි ඒකට එකගයි .එහිදී මේ රටේ තියෙන ප්රජාතන්ත්රවාදය මානව හිමිකම් ඒ හා සම්බන්ධ කාරණා ගැන අපි එකගයි අසීමිත විධායක ජනාධිපති වරයෙක් සතුව තිබිය යුතු අසීමිත බලතල ඔහුගෙන් ඉවත් කරලා පාර්ලිමේන්තුවට ඒ බලතල යොමු කිරීම හා සම්බන්ධ කාරණා වලදී අපි එකගයි හැබැයි කිසිම හේතුවක් නැතුව ජනාධිපතිවරයා අද ඇවිත් එතුමාගේ ආර්ථිකය පිළිබඳව ප්‍රකාශයක් කරලා මේ ගැන විවාදයක් හදිසියේ ගෙනත් 22න සංශෝධනය පිළිබඳ තිබිච්ච විවාදය අවලංගු වෙනවා මොකක්ද මේ කරන්නේ අද ලෝකය මේ රට දිහා සම්පූර්ණයෙන් බලාගෙන රටට දෙන්න තියෙන ලකුණු ටික ජිනීවා සමුළුවෙන් දෙනවා. එහිදී මේවා අපිට නොතේරෙන වගේ අහිංසක මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා සුදු ලූනු පොඩි කරන්නවා. මේගොල්ලෝ හදන්නේ කොහොමහරි ධූරකාලය කරදරයකින් තොරව කල් දමමින් ඇදගෙන යන්න නමුත් මේ රටේ තියෙන සැබෑ ආර්ථික ප්‍රශ්ණයට සැබෑ දේශපාලනික ප්රශ්නය වත් විසදෙන්නේ නැහැ අද රට බරපතළ විදියට ආර්ථික අර්බුදයකට හිර වෙලා ඉන්නවා බරපතළ විදිහට ඒ හරහාම ඇතිවන දේශපාලන විකෘතිභාවය රට පත්වෙලා. ඒ නිසා මේ ගොන් කතා කතා කරලා විහිලු කතා කතා කරලා මේ ප්‍රශ්නයට විහිළු සපයන්න එපා කියලා අපි කියනවා.
ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියනවා වේගයෙන් දියුණු වෙමින් ගිය රට අරගලකරුවන් විනාශ කරා කියලා.මං කොහොමද මේකට හිනා වෙන්නේ මොකක්ද මේ prasanna ranatunge ප්‍රකාශයට මොන භාෂාවෙන්ද වචන භාවිතා කරන්නේ.
කාටත් හිනා යනවා ලස්සනට හැදී ගෙන අපූ රට සංවර්ධනය පියාපත් සලමින් ලස්සනට ගොඩ නැගෙමින් ආපු රට අද ජනාධිපති ඇවිල්ලා ආර්ථික ප්‍රකාශයක් කරලා යන්න ඕන නැහැ. අද ලෝකෙ තියෙන ප්‍රධානම රටල බලපාන ප්‍රධානම කාරණාව තමයි ජිනීවා යෝජනාව ඒක ගැන වගේ වගක් නැතුව කිසිම සද්දයක් නැතුව අද ජනාධිපතිතුමා ඇවිල්ලා එයාගෙ ආර්ථික දැක්ම ගැන කතාවක් කරල ගියා, ගිය හැටි බලාපොරොත්තු වෙන හැටි ඒ වගේ අවිනිශ්චිත කතාවක් කතා කරේ ඔය ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් වචනයක්වත් කතා කරේ නැහැ මේක පාලකයන්ට නොතේරුනවා නෙමෙයි මේ පාලකයෝ හිතාගෙන ඉන්නවා ගොලුබෙල්ලා දන්නේ ගොළුබෙල්ලගේ ලෝකය මේ ගෝත්රවාදී පාලකයෝ මේ රටේ ජනතාව පුළුවන් තරම් දූපත් මානසිකත්වයකින් දාලා බැමි දාල තියෙන්නේ ඉතින් ඒගොල්ලො හිතනවා ඇති මේ රටේ ජනතාවට ලෝකෙ ප්‍රශ්න තේරෙන්නෑ කියලා ඒ පරණ තැටිය ම තමයි තාම ගහන්න ගම්වල සමෘද්ධි නිලධාරීන්ට යමක් වෙලා ඉන්න දුප්පත් අහිංසක අම්මලාට තාත්තලාට ලෝකෙ පේන හැටියට රටේ ජනතාවත් ලෝකයේ දකියි කියල හිතන්නේ.
නමුත් අද ලෝකයේ සහ අපේ රට තියෙන්නේ වෙනත් තැනක ඒකයි කියන්නේ හැඟේනම් ඕන හින්දා ඔලුව උගුලක ඔබාගෙන හිටියට ශරීරයේ අනෙක් කොටස් සේරම ලෝකෙට පේන්න එළියෙ හැන්දෑවට ඒක
බලාගන්න පුළුවන්.