ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක් නොවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ අනුව අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ මුලින්ම පිහිටුවිය යුත්තේ ජාතික සභාව බවත්, අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත්කර ජාතික සභාවක් පිහිටුවීම ඵලක් නොමැති බවයි.