2021 වසරේ මාධ්‍ය හමුවක දී  සිදුකළ ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක මහතාට අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය.

අධිචෝදනා භාරදීමෙන් පසුව විත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරමට කොළඹ මහාධිකරණය නියම කළේය.

අනතුරුව නඩුව ජනවාරි මස 13 වනදා කැඳවීමට ද නියම වුණි.

කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් නීති විශාරදයන් ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉල්ලා හඬ නඟමින් ෂෙහාන් මාලක විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධි චෝදනා භාර දීම ගැන තමන් විශ්මයට පත් වෙන බවයි.