මේ දිනවල ජිනීවා මානව හිමිකම් සැසිය පැවැත්වෙනවා එහිදී රාජපක්ෂලාට චෝදනා එල්ලවන බව අද (13) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සමගි ජන බලවේගය මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා.

මේ දිනවල ජිනීවා මානව හිමිකම් සැසිය පැවැත්වෙනවා ඊයේ අපි දැක්කා ආර්ථික අපරාධ පිළිබඳව කතා වුණා එහිදී පැහැදිලිවම රාජපක්ෂලාට චෝදනා කරනවා ආර්ථික අපරාධ පිළිබඳව. මොකද ආර්ථික අපරාධ කියන්නෙත් මානව හිමිකම් කඩවීමක් .රටක ජනතාවගේ ආර්ථික සමෘද්ධිය කියන්නේ මානව හිමිකමක් ඒ මානව හිමිකම් කඩ වෙන ආකාරයෙන් යම්කිසි පාලකයෙක් රටක් පාලනය කරනවා නම් ඒක අපරාධමය වරදක් විදියට කියන්න පුළුවන්.අපේ රටේ සිදුවුණු මූල්‍ය අපරාධ පිළිබඳව හෙළිදරව් කර ගන්න ඕන ඒ වගේම ඉදිරියට නැවත මෙවැනි මූල්‍ය අපරාධ සිදු නොවන තැනකට අපි වගබලා ගන්න ඕන ඒ වගකීම සහ වගවීම වර්තමාන රජයට ජනාධිපතිවරයාට තියෙනවා හැබැයි ඒ වගකීම වගවීම එතුමාට ඉෂ්ට කරන්න පුලුවන්ද, ඉෂ්ට කරනවා ද යන ප්‍රශ්නය බරපතළ විදියට කතා කරන්න සිදුවෙලා .මොකද එම වගවීම වගකීම එතුමාට කරන්න වුවමනාවක් තිබුණත් ඒක ඉෂ්ට කරන්න බැහැ හේතුව මේ කියන ආර්ථික අපරාධකරුවෝ වන මහින්ද රාජපක්ෂ ,ගෝඨාභය රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ යන අය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපතිධුරයට ගේන්නේ ඒ අය තමයි අද රනිල් වික්‍රමසිංහ මහත්තයා පාලනය කරන්නේ එහිදී බලන විට රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ පාලනය කරන්නේ රාජපක්ෂලා ඒ රාජපක්ෂලාට අවශ්‍ය විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා පාලනය කරද්දී මේ ආර්ථික අපරාධවලට වගකිව යුතු පුද්ගලයන් විදියට ජිනීවා මානව හිමිකම් කොමිසම හඳුනා ගෙන ඉන්න පුද්ගලයින්ට දඬුවම් ලැබෙයිද, ඒ සම්බන්ධව නීති ක්‍රියාත්මක වෙයි කියලා අපට කීයටවත් බලාපොරොත්තු වෙන්න බැහැ.

අපි දන්නවා මේ දවස් වල අමාත්‍යවරු ගණනාවක් දිවුරුම් දෙනවා කැබිනට් මණ්ඩලයක් හෙට අනිද්දා වෙනවිට 30ක් දක්වා ගමන් කරයි එහිදී රාජ්‍ය ඇමතිවරු 38 හෙට අනිද්දා වෙනකොට 40ක් දක්වා යාවි ඊටත් එහාට යන්න ව්‍යවස්ථාවෙන් ගැටයක් ගහලා ට්‍රයි කරයි.අපේ මහනායක හාමුදුරුවෝ පවා බොහොම පැහැදිලිව කිව්වා අපිට 15ක විතර කැබිනට් එකක් ඇති කියලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරද්දී අපි කිව්වා රටට බරක් නොවෙන කැබිනට් මණ්ඩලයක් හිටියා නම් ඇති කියලා. දැන් මේ ආණ්ඩුව අද ක්‍රියාත්මක වෙන්නේ රටට බරක් වෙමින් රාජපක්ෂලාගේ පොහොට්ටුවේ මැති ඇමතිවරු සනසන සන්දර්ශන වැඩපිළිවෙළක් තිබෙන්නේ

ඒ වගේම කපුටා එලෙව්වා කිව්වට කපුටා ගිහින් නෑ නෙළුම් මාවතේ ඉඳන් ඔහු තමයි කවුද රාජ්‍ය, කැබිනට් ඇමැතිවරු බවට පත් වෙන්න ඕන කවුද ලැයිස්තු හදමින් තීන්දු තීරණ ගනිමින් ඉන්නේ. දැන් මේ ජිනීවා මානව හිමිකම් කවුන්සලය කියපු කාරණයම තමයි IMF එක කියන්නේ මේ රටේ සිදුවුණු ආර්ථික අපරාධ වංචා දූෂණ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඒවා හෙළිදරව් වෙන්න ඕන ඒ සම්බන්ධව කටයුතු වෙන්න ඕන කියන කාරණය ඒ නිසා අපට බොහොම පැහැදිලියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලබාගන්න පුළුවන් ආධාර පිළිබඳව බරපතල ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියන එක. මේ විදියට මුළු ලෝකෙන්ම අපේ රට බංකොලොත් භාවයට ඇද දාපු රටේ ජනතාවගේ මානව හිමිකම් කඩකරමින් රටේ ජනතාවගේ බලාපොරොත්තු සිහින සමෘද්ධිය කොල්ල කාපු මේ රාජපක්ෂ පාලනයට විරුද්ධව කටයුතු වෙයි කියලා අපට කීයටවත් විශ්වාස කරන්න බැහැ.

අපි දැන් ඉන්නේ ඩොලර් අර්බුදයක එහිදී ඊයේ පෙරේදා නෙළුම් කුළුණ ජනතාවට විවෘත කරනවා කිව්වා ආරම්භයේ දී එය ඇමරිකානු ඩොලර් මිලියන 104 කින් නිම කරන්න සැලසුම් කරලා තිබුණා අන්තිමට ඒක 113 ක් දක්වා වැඩි වුණා ඒවා අස්සේ කොමිස් මුදල් ගනුදෙනු සිදුවෙන්න ඇති මේ වෙන විට චීන xtreme බැංකුවට ඩොලර් මිලියන 66ක් ගෙවලා තියෙනවා 88ක් තමයි ණය විදිහට ගත්තේ හැබැයි මේ ඩොලර් මිලියන 66 ගෙවලා අවසන් වෙනකොටත් මේ ව්‍යාපෘතියෙන් උත්පාදනය කරපු මුදල බිංදුවයි එක සතයක වත් ආදායමක් ලබලා නැහැ. නඩත්තු වියදම් ගෙවලා තියෙනවා ලයිට් බිල් ගෙවල තියෙනවා ඒ නිසා අපේ රටේ ඩොලර් නැතිවුන එක විදියක් තමයි නෙළුම් කුළුණ ඒ වගේම අසූචි නැව එයට ඩොලර් මිලියන 6.9 ක් ගෙව්වා ඒ විතරක් නෙමෙයි ඇපකරණය සම්බන්ධයෙන් ⁣ඩොලර් මිලියන 5ක් බැංකුවක තැන්පත් කරලා තියෙනවා දැන් තියෙන තොරතුරු අනුව බේරුම්කරණයේදී ඇපකරයත් අපට අහිමිවෙලා ඩොලර් මිලියන 11.9ය ක අලාභයක් අපිට චීන අසූචි නිසා ගෙවන්න සිදුවෙලා තිබෙනවා මේ වගේ කොමිස් මුදල් නම් අවශ්‍ය තැන්වලට ගිහින් තියෙනවා හැබැයි අපට ලැබුණු පොහොර කුත් නෑ ඩොලර් ටිකත් ඉවර වෙලා. අපි විතරක් නෙමෙයි sovereign bond ගැන කතා කරද්දි අන්තිම කාලෙදි කිව්වා ඩොලර් මිලියන හයසිය බැඳුම්කර නිකුත් කරන කොට ඒවා නතර කර ගන්න බලන්න කියලා හැබැයි ඒවා නතර කරගන්න බැලුවේ නැහැ ඒවා තමන්ගේ ගජමිතුරන්ගේ නිසා රටේ ඩොලර් සංචිතය බැහැලා තියෙද්දි ගෙවලා දැම්මා මේවා තමයි අපි දන්න මූල්‍ය අපරාධ. ඒ නිසා පැහැදිලිවම කියන්න පුළුවන් මේ රජය රට ආර්ථික අගාධයකට ඇදල දාල තියනව වගේම වර්තමාන ජනාධිපතිවරයා එතනින් ගොඩ ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ කණ්ඩායමක් ඔහු සතුව නැහැ ක්‍රමවේදයකුත් නැහැ.

අපේ රට අද මන්දපෝෂණ තත්ත්වයෙන් ලෝකෙන් 6 වෙනි ස්ථානයට ඇවිත් තියෙනවා ආසියාවේ දෙවැනි තැනට ඇවිත් තියෙනවා මේ වගේ තහවුරු වෙන්නේ මොකුත් නෙමෙයි රටේ සමස්ථ ජනතාවගෙන් අති බහුතරයක් ආහාර අර්බුදයක ඉන්නවා පෝෂණ ආහාර නොලැබීම හරහා දරුවෝ මන්දපෝෂණයට පෙළඹෙනවා එවැනි ප්‍රශ්න ගණනාවක් එක්ක තමයි මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අපි සතුටු වෙනවා ක්‍රීඩාව පැත්තෙන් ක්‍රිකට් ආසියානු කුසලානය දිනා ගන්න පුළුවන් වුණා. ඒ වගේම නෙට්බෝල් ක්‍රීඩාවේ අපිට නැවතත් ආසියානු කුසලානය දිනා ගන්න පුළුවන් වුණා ඒ ගැන රටක් විදිහට ක්‍රීඩකයින්ට පුහුණුකරුවන්ට සුබ පැතුම් එක් කරනවා. හැබැයි මේ හරහා අපට වේදනාවක් තියෙනවා ඒ ගැන දිගින් දිගටම කතා කරා අපේ රටේ තියන්න තිබුණු ආසියානු කුසලානය තමයි මේ අවසන් වුණේ මේක ඩුබායි වලට යන්න නෙමෙයි තිබුණේ මේ සම්බන්ධව මම දිගින් දිගටම කතා කරා එය ක්‍රීඩකයින්ට විරුද්ධව නෙමෙයි මේ රටේ මේ ආසියානු කුසලානය තිබුනා නම් අපිට ලැබෙන්න තිබුනු දේවල් ජයග්‍රහණ ආසියානු කුසලානය ටත් වඩා ලොකුයි අපේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය රට පිළිබඳව තියෙන වැරදි පැති රූපයේ නැති කරගන්න තුළ රටේ තිබුන හෝටල් පුරවගන්න තිබුන අපෙන් නරඹන්ට ටීවී එකේ විතරක් නෙමෙයි ක්‍රීඩා පිටි වලට ගිහිල්ලා උද්යෝගය ලබා දෙන්න තිබුණා විශාල අවස්ථාවක් අහිමි වුණා ආසියානු කුසලානය අපේ රට තුළ පවත්වන්න නොලැබීම ගැන මේවට වග කිව යුතු පුද්ගලයෝ ආසියානු කුසලානයේ ජයග්‍රහනයෙන් ,ක්‍රීඩකයන්ගෙන් මුවා වෙලා ආසියානු කුසලානය අපේ රටේ තියන්න තිබුණා අවස්ථාව පාවාදීම පිළිබඳ වරදෙන් හැංගෙන්න උත්සාහ කරනවා නම් ඒවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නබලාපොරොත්තු වෙනවා ‍ක්‍රීඩාවේ මුවාවෙන් කවුරු හරි රට පාවා දෙනවා නම් ක්‍රීඩාව පාවා දෙනවා නම් අනියම් විදියට මුදල් උපයනවා නම් ඒකට විරුද්ධව විපක්ෂ ඉදිරි අපි හැමදාම නැගී සිටිනවා.

මේ නිසා අපි රජයට සහ ජනාධිපතිවරයාට කියන්නේ මේ විදියට රටට අනවශ්‍ය බරක් එක් කරමින් කරන ක්‍රියාදාමයන් පැත්තකට තියලා වහාම රටට හිතකර විදියට කටයුතු කරන්න. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා නැවත වතාවක් අරගලයට පණ පොවන්න මොකද අරගලය විසින් අපි ජයග්‍රහණය ගණනාවක් ලබා ගත්තා අරගලය විසින් ප්‍රතික්ෂේප කරපු දේශපාලන සංස්කෘතිය නැවත ක්‍රියාත්මක වෙනවා අරගලය විසින් ප්‍රතික්ෂේප කරපු මේ රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු දේශපාලන චරිත නැවත හුස්ම ගනිමින් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඒගොල්ලො හිතනවා නම් නැවත අරගල මේ රටේ සිද්ධ වෙන්නේ නෑ මේක මර්දනය කර දැන් හරි කියලා ඒක කවදාවත් වෙන්නේ නැහැ අරගලය විසින් ජයග්‍රහණය කරපු ජයග්‍රහණවලට ප්‍රතිවිරුද්ධව තමයි වර්තමාන රජය කටයුතු කරන්නේ ඒකට හොඳම පිළිබිඹුව තමයි වර්තමාන කැබිනට් එක සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය ඒක බරක් වගේම රට ඉදිරියේ ප්‍රතික්ෂේප වුණු දේශපාලන චරිත නැවතත් කැබිනට් මණ්ඩලයට සහභාගී අමාත්‍ය මණ්ඩලයට ඇවිත් තියෙනවා.

පහුගිය කාලය අපිට ඩොලර් මිලියන 70ට ආසන්න ප්‍රමාණයක් ලැබුණා ලෝක බැංකුවෙන් ගෑස් සඳහා .හැබැයි බොහොම පැහැදිලිව අනාවරණය වුණා එම මුදල්වලින් රුපියල් කෝටි 130කට ආසන්න ප්‍රමාණයක් හොරකම් කරල තියෙනවා කියලා. ඊයේ කෝප් කමිටුවේ හිටපු මහාචාර්ය චරිත හේරත් මැතිතුමා මේ ගැන දැනුවත් කරා ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවෙන් හෝ කොහෙන් හරි යම් මුදලක් ලැබෙනවා නම් මේ රජයට ඒවා පිළිබඳව වගකීම කවුද දරන්නේ මේ ආණ්ඩුවේ ඉන්නේ පරණ හොරු සෙට් එකම තමයි gas ගනුදෙනුවෙන් පැහැදිලියි අපි ඒ ආයතන වලට කියනවා දැඩි මුල්‍ය විනයක් සහිතව දෙන ආධාරයක් දෙන්න දැඩි රෙගුලාසි වලට යටත් කරලා විනිවිදභාවයකින් යුතුව දෙන ආධාරයක් ලබා දෙන්න නැත්නම් මේ මගෙන් කොමිස් කුට්ටි පිටින් දේශපාලඥයෝ සහ නිලධාරීන් බලධාරීන් ගජ මිතුරන් ගිල ගන්නවා.