ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2022 අප්‍රේල් මාසය වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 23,310.1 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 23.31 කි.

එහිදී දේශීය ණය රු. බිලියන 12,442.3 ක් ලෙසත් විදේශීය ණය රු. බිලියන 10.867.8 ක් ලෙසත් සටහන්ව ඇත.

මෙහි ඇති විශේෂ කරුණ නම් 2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක් ලෙසින් සටහන්ව තිබුණු මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය මාස 04 ක් වැනි කාලයක් තුළ දී රු. බිලියන 5,720.7 කින් හෙවත් 32.52% කින් වැඩි වී තිබීමයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2021 වසරේ මෙරට මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22.156 කි.

ඊට අනුව ගණනය කිරීමේ දී මේ වන විට මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 1,052,089 කි. 2021 වසර අවාසානයේ දී එය දැක්වුණේ රු. 793,888 ක් ලෙසිනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ දහයක ණයක් දරන්නෙකි. හෙට උපදින බිළිඳා ද මීට අයත් බව සිහිතබා ගත යුතුය.