ඉරාකයේ කුර්දිස්තාන් ප‍්‍රදේශයේ උද්‍යානයකට එල්ල වූ කාල තුවක්කු ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් 9 දෙනෙකු මියයාමත් සමඟ ඉරාකය සහ තුර්කිය අතර රාජතාන්ති‍්‍රක ගැටුමක් හටගෙන තිබෙනවා.

ඉරාක ප‍්‍රාදේශීය නායකයින් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් තුර්කි හමුදාවන්ට චෝදනා කළ අතර එය වඩාත් තී‍්‍රව‍්‍රර වූයේ ඉරාකය විසින් තුර්කියේ අන්කාරා නුවර සිටින තම නියෝජිතයින් ආපසු කැඳවීමත් සමඟයි.

මෙම කාල තුවක්කු ප‍්‍රහාරයෙන් මියගිය වැඩි පිරිසක් ඉරාකයට පැමිණි සංචාරකයින් වන අතර තවත් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉරාකය සහ තුර්කිය එක දේශ සීමාවකින් වෙන් වන රාජ්‍යයන් දෙකක් වන අතර දෙරටේම ආරක්ෂක හමුදාවන් විසින් පාලනය වන දේශ සීමා මායිමේ පිහිටි ප‍්‍රදේශයක් ලෙසයි කුර්දිස්තාන් කලාපය හැඳින්වෙන්නේ.