මෙම වසරේ මුල් මාස 03 තුළදී මෙරට විදේශ ණය ප්‍රමාණය ට්‍රිලියන තුනකින් (රුපියල් කෝටි 305,440කින්) ඉහළ ගොස් ඇති බව මහ බැංකුවේ නවතම නිල ලේඛනවලින් අනාවරණය වේ.

පසුගිය වර්ශය අවසන් වනවිට එම මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 6.492ක් (රුපියල් කෝටි 649,220ක්) වී තිබූ අතර මාර්තු 31 වෙනිදා වනවිට එය රුපියල් ට්‍රිලියන 9.546ක් (රුපියල් කෝටි 954,660ක්) දක්වා මාස තුනක් තුළ රුපියල් කෝටි 305,440කින් ඉහළ ගොස් තිබිණි.

මේ අතර ගෝටාබය රාජපක්ෂ බලයට පත් වූ 2019 අවසන් වනවිට මෙරට මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 14.155ක් (රුපියල් කෝටි 1,415,530ක්) වී තිබුණු අතර 2022 මාර්තු මාසය අවසන් වනවිට එය රුපියල් ට්‍රිලියන 21.696ක් (රුපියල් කෝටි 2,169,660ක්) දක්වා ඉහළගොස් තිබිණි.

මේ අනුව මාර්තු මස අවසන් වනවිට ගෝටාබය රාජපක්ෂගේ ගත වූ වසර දෙකකයි මාස තුන තුළ රටේ මුළු ණය බර රුපියල් ට්‍රිලියන 7.541කින් (රුපියල් කෝටි 754,130කින්) ඉහළ ගොස් තිබේ.

ගෝටාබය රාජපක්ෂ බලයට පත්වනවිට තිබූ මුළු ණය ප්‍රමාණයෙන් 1/3කට වඩා වැඩි ප්‍රමාණයක් ඔහුගේ වසර දෙකයි මාස 04ක් තුළ ලබාගෙන ඇත.

balavegaya Central Bank of Sri Lanka 2022.06.28