ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්කළ යුතු බවටත්, රට ගොඩනැගිය හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවටත් රටට ප්‍රකාශ කළ වියත් මග කණ්ඩායම මේ වනවිට ජනාධිපතිවරයා විවේචනය කරමින් නව පක්ෂයකින් ඉදිරි මහමැතිවරණයේදී තරග වැදීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව වියත්මග නියෝජනය කළ මෙම කණ්ඩායම බිහිවීමට නියමිත නව පක්ෂයේ නියෝජිතයන් සමග දැනටමත් සාකච්ජා ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.

මෙහි එක් පියවරක් ලෙස දැනටමත් මෙම කණ්ඩායම ජනාධිපතිවරයා විවේචනය කිරීමටත්, සමාජ මාධ්‍ය ජාලා හරහා ඊට විශාල ප්‍රසිද්ධියක් ලබා දීමටත් සැලසුම් කර ඇති බව පැවසේ.

එමෙන්ම ඇමැතිකම් ගැනීම සදහාම වසර ගණනාවක් පුරා විවිධ පක්ෂවලට සම්බන්ධ වූ පුද්ගලයන් රැසක්ම මෙම නව දේශපාලන පක්ෂයට සම්බන්ධ වී නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමටත්, කුමන හෝ පක්ෂයකින් ඇමැතිකමක් ලබා ගැනීමටත් තින්දු කර ඇති බව දැනගන්නට තිබේ.