අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රාජපක්ෂ ආණ්ඩුවේ සහයෝගය නැති බවත් නියෝජ්‍ය කතානායක වරයෙක් පත් කරගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාවට පිටුපාමින් ආණ්ඩුවේ රාජපක්ෂ කල්ලියට අවශ්‍ය පුද්ගලයා පත් කර ගැනීමෙන් මේ රජය අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය පරිදි හසුරුවන්නට බැරි බව රාජපක්ෂවරු අනතුරු අඟවා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,
“පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ නියෝජ්‍ය කථානායක ධූරයට කාන්තාවක් නිතරඟයෙන් පත්කරන්න යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළද එම යෝජනාවට එරෙහිව රාජපක්ෂවරුන් විසින් පිරිමි පුද්ගලයෙක් යෝජනා කර පත් කරගැනීමෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට රාජපක්ෂවරුන්ගේ සහය නොලබන බව ඔවුන් මුල් අවස්ථාවේදීම අගවා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
තම රජයට පාර්ලිමේන්තුවේ සියලු පාර්ශවයන්ගේ සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් සමගි ජන බලවේගය ද රජය ගෙන එන ජනතා සුබවාදී යෝජනා වලට සහාය දෙන බව ප්‍රකාශ කර තිබිණි.
එහෙත් අවාසනාවකටමෙන් නියෝජ්‍ය කතානායක වරයෙක් පත් කරගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාවට පිටුපාමින් ආණ්ඩුවේ රාජපක්ෂ කල්ලියට අවශ්‍ය පුද්ගලයා පත් කර ගැනීමෙන් මේ රජය අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය පරිදි හසුරුවන්නට බැරි බව රාජපක්ෂවරු අනතුරු අඟවා ඇතැයි කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අඟහරුවාදා සවස පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඉරාන් වික්‍රමරත්න මහතා එසේ ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කළ සිය කතාවේදී රාජ්‍ය ආදායම අඩුවීම, රාජ්‍ය වියදම වැඩිවීම, විදේශ සංචිතයෙන් ඩොලර් මිලියනයක්වත් සොයා ගන්නට බැරි වීම, ඉන්ධන හා ගෑස් ආනයනයට අවශ්‍ය මුදල් නැති වීම නිසා ඉදිරියේදී විදුලිය කප්පාදුව පැය පහළොවක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ද රාජපක්ෂ රජය මෙතෙක් රට අගාධයට ඇද දැමීමේ විපාකයක් පිළිබඳ විස්තර කළ ද ඔහුගෙන් ඒවාට විසදුම් ඉදිරිපත් නොවීය.
ඔහුගෙන් ලැබුණු එකම ප්‍රතිචාරය මේ මස රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සදහා මුදල් අච්චු ගැසීමට සිදුවන බව ප්‍රකාශ කිරීම පමණි. රාජපක්ෂ රජයේ විසඳුම වූයේද මුදල් අච්චු ගැසීමයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ විසඳුමද මුදල් අච්චු ගැසීම නම් මේ රජයෙන් ද ජනතාවට සහනයක් ලැබේවි යැයි විශ්වාස කළ නොහැකිය.
අග්‍රාමාත්‍යවරයාගේ ජාතිය අමතා කරන ලද කථාව තුළ රටේ උද්ගතව ඇති බැරෑරුම් ප්‍රශ්න පැහැදිලි කළා විනා ඒ සඳහා අවශ්‍ය වූ කිසිදු විසඳුමක් හෝ පිළිතුරක් නොතිබීම කනගාටුවට කරුණක් යැයි ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
අද රටේ දේශපාලනය හා ආර්ථිකය මෙන්ම ප්‍රචණ්ඩත්වය පිළිබඳව ද ප්රශ්න උද්ගතව තිබේ. මැයි 09 වනදා දුටු ප්‍රචණ්ඩත්වය සමගි ජනබලවේගය සම්පූර්ණයෙන්ම හෙළා දකිනවාජීවිත හානි, දේපළ හානි මෙන්ම මොරටුවේ රාජ්‍ය දේපල වලට ද සිදු වූ හානිය ප්‍රතික්ෂේප කරනවා. මෙහි වගකීම තිබෙන්නේ රජයටයි, රජය ප්‍රචණ්ඩත්වයට එරෙහි වහා පියවර ගත යුතුයි. අරලියගහ මන්දිරය වෙත කැඳවන ලද පිරිසක් අතර ප්රචණ්ඩත්වය උසි ගැන්වීමට වගකිවයුත්තන්ට එරෙහිව ද රජය වහා පියවර ගත යුතුයි. එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ කතාවේදී නීතිය හා සාමය පිළිබඳ කිසිදු කරුණක් අනාවරණය වූයේ නැත.
රජයට එරෙහිව වූ අරගලයේ ප්‍රධාන ඉල්ලීම වනුයේ සිස්ටම් චේන්ජ් එකක් හරහා දූෂණයට එරෙහිව, වංචාව හා සොරකම් වලට එරෙහිව කටයුතු කිරීමයි. දූෂණය හරහා රැස්කරගත් මහා ධනස්කන්ධය ආපසු ජාතිය වෙත ලබාගැනීම සඳහා කටයුතු කළ යුතුයැයි අරගලයේ නිරත ජනතාව රජයට බලපෑම් කළ ද අගමැතිවරයා ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකිරීමෙන් රජයේ අවංකභාවය පිළිබඳවද සාධාරණ සැකයක් මතු වේ. රට හරහාම රජය වෙත එල්ල කරන බලපෑම නම් දූෂණ ක්‍රියාවල යෙදෙන දේශපාලනඥයින් හා නිලධාරීන්ට එරෙහි කටයුතු කරන ලෙසයි.
තමන්ගේ ආදායම් වියදම් විගණනය කරන්නයි ඇතැම් දේශපාලනඥයින් එල්ලාගෙන සිටින පුවරු සමාජ මාධ්‍යවල පළවූවද වර්තමානයේදී කිසිවෙකුගේත් වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කිරීමට නීතියෙන් ඉඩ ප්‍රස්ථාව නැත සොරා කන ලද ජාතික ධනය ආපසු ලබාගැනීමට මේ රජය සැබැවින්ම කටයුතු කරන්නේ නම් වත්කම් බැරකම් ලේඛනය ප්රසිද්ධියට පත්කිරීමට නීති ගෙන ඇවිත් එම ධනය අය කරගැනීමට වහා පියවර ගත යුතුයි
ඒ වගේම රටේ අල්ලස් හා දූෂණ මැඩීමට අවශ්‍ය 2019 වසරේදී සකස් කරන ලද අල්ලස් කොමිසම ස්වාධීන කිරීමේ නීතිය ගෙන එන්නයි රජයට ප්‍රකාශකර සිටිනවා. ඒ වගේම අපරාධ වලින් සොයාගත් දේශිය හා විදේශ වත්කම් ආපසු අයකර ගැනීමට අවශ්‍ය 2019 වසරේදී සකස් කරමින් පැවති එම නීතිය ද වහා ගෙන එන්න, දැනට හදුනාගෙන ඇති දූෂණ විරෝධී නීති වහා ඉදිරිපත් කළහොත් රටට අවශ්‍යවී ඇති මුදල් පහසුවෙන් ලබාගැනීමට හැකිවනු ඇතැයි” ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
17.05.2022