වැරදි තිරණ ආණ්ඩුව ගත් බව පිළිගන්නේ නොමැති නම් සර්වපාක්ෂික සමුළුවට යාම ඵලක් නොවන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුණිල් මහතා පවසයි .

ඊයේ දින පැවැත්වු සර්වපාක්ෂික සමුළුවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වුවත් සමගි ජන බලවේගය එය වර්ජනය කළ බව ද, මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය .

තව දුරටත් කියා සිටියේ අද මුහුණ දෙන අර්ථික අර්බුදය , උද්ධමනය , ඩොලර් හිගය අදී ප්‍රශ්න නිරන්තරයෙන් ආණ්ඩුවට කලායක් තිස්සේ දැනුම් දුන්නාත් එය නොසලකා කටයුතු කළ බවත් නැවත එම ප්‍රශ්න ඉදිරිපත් කිරීමට සර්වපාක්ෂික සමුළුවට සහභාගි වීමට අවශ්‍ය නොවන බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ,

“මේ පවත්නා අර්බුදය පිළිබඳව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ .අපි මේ අර්බුදය ගැන මුල්ම අවස්ථාවේ ඉඳලා ආණ්ඩුවට අපේ අදහස් යෝජනා වශයෙන් ආර්ථිකය කඩාගෙන වැටෙනවා, බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්වෙනවා, උද්ධමනය බරපතළ විදියට අපේ ආර්ථිකයට බලපානවා, බැංකු ක්ෂේත්‍රය කඩාගෙන වැටෙනවා, ඩොලර් හිඟයක් ඇති වෙනවා, විදේශ ගිණුම් ශේෂ හිඟයක් ඇති වෙනවා මේ වගේ කාරණා අපි නිරන්තරයෙන්ම මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළත් මහ පාරේ විරෝධතා කරමින් බැනර් පෝස්ටර් කටවුට් පාර්ලිමේන්තුව තුළ ශීලාචාරවත් මහා දැවැන්ත ජන ගංගාවක් සමග ජනාධිපති මන්දිරයට සහ ආණ්ඩුවට ඇහෙන්නෙම මෝල්ගහෙන් තට්ටු කරලා මේ අර්බුදය පිළිබඳව දැනුම් දුන්නා.

දැන් එම සර්වපාක්ෂික සමුළුව ට ගිහිල්ලා දැනුම් දෙන්න තරම් අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුව හැදෙනවා නම් පාඩම් ඉගෙන ගන්නවා නම්, සැබෑ වුවමනාවක් තියෙනවා නම්, ආණ්ඩුවට හැකියාවක් තියෙනවා මේ තියන අර්බුදය මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒ වගේම අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටපු ඒ සර්වපාක්ෂික සමුළුව දී එතුමාට යම් අපහසුතාවයක් ඇති වුණා අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා ඇතුළු ඒ කණ්ඩායමක පහුගිය ආණ්ඩුවේ වැරදි නිසා මේ තත්වයට පත්වුණා යැයි කියලා ඇඟ බේරගන්න උත්සාහයක් එම අවස්ථාවේ දැරුවා. ඕනම කෙනෙකුට දෙයක් ආපහු නිවැරදි කරගන්න නම් තමන් අතින් වැරැද්දක් වුණා තමන්ගේ ප්‍රතිපත්ති තීන්දු තීරණ තුළ යම් වැරැද්දක් තියෙනවා කියන එක පිළිගත්තොත් තමයි ඕනම කෙනෙක්ට තමන්ගෙ ඒ තියෙන වැරදි ටික හදාගෙන නිවැරදි මාවතට යන්න පුළුවන් වෙන්නේ.”

මෙසේ කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

සටහන – CJ