අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිගයක් තිබෙන බවත් එහි සැබෑ තත්ත්වය බැලීමට ශීත කාමර වලින් එළියට පැමිණ සොයා බලන ලෙස ආණ්ඩුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සමගි ජන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණි කවිරත්න මහත්මිය කියා සිටියාය .

“අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නැති බව මුදල් ඇමති තුමා කිව්වත් එළියට බැහැලා බලන්න කිරිපිටි නෑ ,කිරිපිටි පෝලිම් තෙල් නෑ තෙල් පෝලිමක් එහෙම රටක් මේක ඒ නිසා මේ ඇමතිතුමන්ලා මොනවිදියට කතා කරත් ශීත කරපු කාමර ඇතුළේ ඉඳන් මහ පොළොවට බැහැලා බලන්න ඇත්තටම රටේ ජනතාවගේ තියෙන පීඩාව කොච්චරද කියලා ආයෝජකයන්ගේ රැස්වීමේ දී ඔවුන් ඉල්ලුවා කියනවා අධ්‍යාපනය සඳහා සිසුන් විදේශගත වීම නතර කරන්න කියලා දේශීය ව්‍යවසායකයන් ඉල්ලා සිටිය කියලා ජනාධිපතිතුමා ඒ රැස්වීමේදී කිව්වා කියල පුවතක් අපි දැක්කා ඇත්තටම මේ සැරසෙන්නේ ඩොලර් හිඟය නිසා විදේශගත අධ්‍යාපනයට ගියපු සිසුන්ට වැට බඳින්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ” බව මන්ත්‍රීවරයා පැවසීය .

තව දුරටත් කියා සිටියේ ,

“ජනතාවට කන්න ටික නැහැ තෙල් ටික නැහැ පොහොර ටික නැහැ ජනාධිපතිතුමා කිව්වා පොහොර ඇතුව හෝ නැතුව ගොවියන්ගේ ආදායම වැඩිකරල දෙනවා කියලා පසුගියදා මම දැක්කා වීඩියෝ එකක් යනවා ගොවි ජනතාව ජනාධිපතිතුමාට පෙරළා උත්තර දෙනවා අද තේ කර්මාන්තයට සිදු වූ දේ ගැන දළු වලින් 50% ක් වැටිලා ජනාධිපතිතුමා කියලා අපි නිකම් පොහොර දුන්නා එහෙම වැටෙන්නේ විදියක් නැහැ කියලා මේ රටේ ගොවි ජනතාව ඇත්තටම දන්නවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා” බව ද, මන්ත්‍රීතුමිය පැවසීය .

එහිදී වැඩි දුරටත් පවසා සිටියේ ,

“අද කන්න බොන්න ණය ගන්න රටක් බවට පත්වෙලා මේ රටේ නිෂ්පාදන වැඩි කරන්න නෙමෙයි ආර්ථිකය වැඩි කරන්න නෙමෙයි ඇත්තටම මේ ආණ්ඩුව කන්න බොන්න ණය ගන්න රටක් බවට පත් කරලා. ගෙදරක ආර්ථිකය කඩා වැටෙන්න වෙලාවක කන්න බොන්න ණය ගත්තොත් තමන්ගේ ආර්ථිකය සංවර්ධනය කර ගන්නේ නැතුව මොකක්ද ඇතිවන තත්ත්වය කියන එක රටේ ජනතාව හිතලා බලන්න ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා එයාගේ මෙයාගේ කුණු හොයන්නේ නැතිව ආවේ ජනතාවට සහන දෙන්න කරුණාකරලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් විදියට බඩු මිල අඩු කරල දෙන්න හෙට අනිද්දා කාන්තා දිනය එනවා එහිදී පීඩාවට පත්වෙන්නේ කාන්තාවො සහ දරුවෝ කියන එකත්” රජයට මතක් කර සිටියාය

සමගි ජන බලවේගයට හොඳ ආර්ථික දැක්මක් තියන බවත් ඒ තුළ විපක්ෂය හැටියට ආර්ථික
වැඩපිළිවෙළ මේ වෙනකොට සකස් කර ඇති බව ද,
රෝහිණි කවිරත්න මහත්මිය කියා සිටියාය .

සටහන – CJ