ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරු ගොස්  උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව  උත්සවාකාරයෙන් පිළිගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.සාමාන්‍යයෙන් උත්සවයක් පවත්වන්නෙ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා ගම්මුදාව,මහවැලි සංවර්ධන ව්‍යාපාරය,ඇඟලුම් කම්හල් දෙසීය වැඩසටහන,දරුවන්ට නිල ඇඳුම් බෙදා දීම වැලි කටයුතු වෙනුවෙන් උත්සව පවත්වනු ලැබූවත් ණයට ලැබුණු ඩිසල් නැවක් පිළිගැනීමට පළමු වතාවට උත්සවයක් පැවැත් වූ බව ද ඒ මහතා පැවැසීය.
දෛවයේ සරදම වන්නේ ,තම ඉල්ලීමට අනුව ඉන්දියාවේ  ණය ආධාර යටතේ ඉකුත් කාලයේ හදපු නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න මෝඩි අගමැතිතුමා ලංකාවට එනකොට එදා කළු කොඩි දාන්න කියපු ඇමතිවරුම මෙදාමෙදා ණයට ලැබුණු  තෙල් නැව පිළිගන්න යාමට වීම බවද විපක්ෂ නායකතුමා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 45වන පියවර ලෙස රුපියල් විසිනව ලක්ෂ අනූදහසක් (රු. 2,990,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ අද(16) කල්මුණේ රෝහල වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.
ඒ අනුව,
• රුපියල් 1,200,000 වටිනා Highflow Therapy Machine යන්ත්‍ර 2ක්
• රුපියල් 295,000 වටිනා Multipara Monitor යන්ත්‍ර 2ක් මෙලෙස පරිත්‍යාග කළේය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 44ක් තුල ලක්ෂ 1222 (රුපියල් 122,232,500) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.
ඒකාන්තවම තවත් දින කිහිපයක්  යන්න කලින් නැවත වතාවක් තෙල් මිල ඉහළ දාන බව පැවසූ විපක්ෂ නායකතුමා 
එය මේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල ඉහළ යාම විය හැකි යැයි ද පැවසීය.