රැකියාවක් කරලා හම්බ කර ආදායමක් ලැබුණම ඒකට බද්දක් වෙනම ගහන බවත් ,නමුත් වයසට ගියාම විශ්‍රාම කාලය ගත කරන්න ඉතුරු කරපු මුදලට බදු ගහන එකට අපි විරුද්ධ බවත්. මෙයට අපි ඉඩ දෙන්නේ නැතැයි අර්ථසාධක අරමුදල ආරක්ෂා කිරීමට කැපවෙන එක අපේ ප්‍රතිපත්තිය. බව විපක්ෂනායක කාර්යාලයේ “ආර්ථිකයේ නිවැරැදි දිශාව “මාධ්‍ය හමුවේදී (09)මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය .

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා.

විපක්ෂ නායකතුමා කතා කළා සේවක අර්ථසාධක අරමුදලෙන් බදු ගහන්න යන බව. ඉතිහාසය කවදාවත් මෙහෙම වෙලා නැහැ. මෙය තමුන්ගේ විශ්‍රාම දිවියට ඉතුරු කරගත් මුදල, දරුවන් කසාද බඳින්න යනකොට වියදම් කරන්න තියෙන මුදල ,නිවසක් අරගෙන තියෙනවා නම් ඒකට බැංකුවෙන් මුදල් අරන් තියෙනවා නම් ඒක බේරලා නිවසේ අයිතිය ලබා ගන්න තිබෙන මුදල ,විශ්‍රාම ජීවිතය ගත කරන්න තියෙන මුදල බව පැවසීය .

ඒකටත් ගහන්න මේ රජය වෑයම් කරනවා. මේක කවදාවත් කරපු නැති වැඩක්. විපක්ෂය විදියට අපි සම්පූර්ණම මේකට විරුද්ධයි. සේවකයන්ගේ මේ ඉතිරිය අපි තබා ගත යුතු බව ද පැවසීය .

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා .

අපි කියන්නම් රජය ආදායම් නැති කළේ කොහොමද කියලා. පුද්ලයන්ගේ වාසියට වැඩ කළා.කවුරුත් දන්නවා බැඳුම්කර ප්‍රශ්නයක් තියෙනවා කියලා එයට ජනාධිපති කොමිසම පත්කළා ඒකෙන් කිව්වා හරි මේ ප්‍රශ්නේ ගැන අපි හොයන්න ඕන කියලා. එහිදී 2002 ඉදලා හොයන්න ඕනේ කියලා ඒගොල්ලෝ කිව්වා. ජනාධිපති කොමිසමෙනුත් කිව්වා මුදල් මණ්ඩලයත් තීරණයක් ගත්තා වෝහාරික වාර්තාවක් ඕනේ කියලා.ඒක කරන්නට මුදල් මණ්ඩලය තීරණය කළා. ජාත්‍යන්තර මට්ටමෙන් විශේෂඥයන් ගේන්න ඕන කියලා ඉන්දියාවේ BDO සමාගමයි ජාත්‍යන්තර K P N G සමාගමයි ගෙනාවා. එයට අවුරුදු දෙකක් ගියා.පසුව වැඩේ කරලා වාර්තාවන් 05ක් ඉදිරිපත් කළා එම වාර්තා 05 මා සතුව තිබෙනවා. මේක ඉදිරිපත් කළේ 2019 නොවැම්බර් මස 07 , 08 , 09 යන දිනවල .එය පසුගිය ජනාධිපතිවරණයට සතියකට කලින්.

එහි තියෙන සොයාගැනීම් ක්‍රියාත්මක කරන්න පසුගිය රජයට බැරි වුණා . මොකද මේක ඉදිරිපත් කරලා සතියකින් අලුත් ජනාධිපති කෙනෙක් පත්වුණා . නමුත් අලුත් ජනාධිපති පත්වෙලා දැන් අවුරුදු දෙකකට වැඩියි. අපි අහන ප්‍රශ්නය ඇවිත් මොනවද මේ වාර්තාව ගැන කරන්නේ. දැන් ඒවා යට ගහලා තියෙන්නේ.

මෙම වාර්තාවල හුගක් තියෙන්නේ අර්ථසාධක අරමුදල ගැන. එහි කියන ඒවා හරිම පුදුමයි EPF එක ආරක්ෂා කරන්න ඕන කියලා එහි සදහන් වෙනවා.

BDO සමාගම් වාර්තාවේ එක තැනක කියනවා අර්ථසාධක අරමුදල මුදල් අරගෙන එක්කෝ කොටස් වෙළඳපොලේ දාන්න ඕන නැත්නම් බැඳුම්කර වලට දානවා කියලා . මෙහි බැඳුම්කර වලට දාපුවා ගැන කියනවා ඒ කියන්නේ එක එක් කෙනාට ඕන විදිහට සල්ලි දාලා තියෙනවා. මේකේ කමිටුවක් තියෙනවා අනුමත කරන්න නමුත් එහි අනුමැතියක් නෑ කියලා සඳහන් කර තියෙනවා . ඒ වගේම කියනවා එක එක අය සමග කතා කරාම ඒවා ගැන කිසිම දැනීමක් නැති අය තමයි කරලා තියෙන්නේ කියලා. තව තැනක සදහන් කරනවා ඩීල් කරද්දි වොයිස් රෙකෝඩික් කරන ඒවා 1163 ඉල්ලුවා නමුත් දීලා තියෙන්නේ 295 යි.

හිතලා බලන්න පුළුවන් යටගහන්න කරලා තියෙන වැඩේ අර්ථසාධක අරමුදල් හොරකම් කරන එක යට ගහන්නේ මේ වැඩේ කරන්නේ. තව තියෙනවා සල්ලි ඕන වෙනකොට අර්ථසාධක අරමුදලට ගහනවා එහිදී වෙළඳපොල අගය නෙමෙයි දෙන්නේ . ඒවට වගකියන්නේ කවුද තීරණ ගත්තේ කවුද ඒක අපි හොයලා බලන්න ඕනා.

K P N G සමාගම වාර්තාවේ කියනවා අර්ථසාධක අරමුදලට ගහපු විදිය කතාවේ තියනව මේ වාර්තාවේ තියෙනවා. එහි කොටස් වෙළඳපොලේ නැති කොම්පැනි තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවාවට රුපියල් මිලියන 500ක් දීල තියෙනවා යෝජනා වෙන්නත් ඉස්සරවෙලා ඒ බෙදලා දීලා තියෙන්නේ ඒකට EPF එකේ ඉල්ලා නැහැ සේවකයන්ට ගහලා තියෙන විදියයි මේ.

වාර්තා 05 ලියන්න ඉස්සරවෙලා සාධාරණ වෙන්න ඕන. මේවා ජාත්‍යන්තර සමාගම්. මේවා ඒ අය ඉල්ලලා තියනවා. එදා හිටපු මහ බැංකුවේ අධිපති අජිත් කබ්රාල්ගේන් කරුණාකරලා අපට හමුවෙන්න අවස්ථාවක් දෙන්න කියලා. ඒ වගේම එතුමාට ප්‍රශ්න පත්‍රය කුත් ඉදිරිපත් කරලා ඒවටත් පිළිතුරු දෙන්න ඕන එහිදී වාර්තාව සාධාරණව ලියන්න නම්. නමුත් ඔහු ප්‍රතිචාරයක් දක්වලා නැහැ ඒ විතරක් නෙවෙයි ඔහු වැඩ වැඩියි කියලා එය මගහැර තියෙනවා. එම නිසා මට විගණන අය හමු වෙන්න බැහැ කියලා 32 පිටුවේ සඳහන් කර තිබෙනවා. මේ වාර්තා 5 ම යට ගහලා තියෙන්නෙ කවුරුත් කතා කරලා නැහැ ඒ 05 ගැන. මේ ගැහුවේ අර්ථසාධක අරමුදලට අලුත්ම එක ඇවිත් විපක්ෂ නායක තමා ඉදිරිපත් කළා වගේ බදු ගහන්න හදන බව මන්ත්‍රීවරයා පැවසීය .