ගජමිතුරු ධනවාදය හා දැක්ම නොමැති ආණ්ඩුවට තව දුරටත් ගමන් කිරීමට, වගකීමක් ඇති පුරවැසියන් ඉඩ දෙනවද යන්න සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මහතා අසා සිටියේය .

ඔහු කියා සිටින්නේ මෙවැනි ආණ්ඩුවකට තව දුරටත් රට පාලනය කිරීමට අවස්ථාව ලබා දීම පුරවැසියන්ගේ යුතුකමක් නොවන බවයි.

හදිසියේ ජනාධිපති විසින් පාර්ලිමේන්තු වාර අවසන් කිරීමට හේතුව මෙතෙක් සඳහන් නොකළ බවත් එමගින් ගිණුම් කාරක සභාවල සංයුතිය වෙනස් වන බවත් තවද ඒම කාරක සභා වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පත් කිරීමෙන් ස්වාධීනත්වය නැති වී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

චීනය විසින් ආනයනය කළ කසල පොහොර සඳහා ඩොලර් මිලියන 6.5 ක වන්දියක් ගෙවු බවත් එවාට කවුරුන්ද වගකියන්නේ යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ ය.

ස්වෙෙරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉහළ පෙළේ ආර්ථික විශේශඥයින් පැවසූවත් එහෙත් එය ආණ්ඩුව නොසලකා හැර ණය ගෙවීම් කරමින් සිටින බවද කියා සිටියේය .

වැඩි දුරටත් කියා සිටියේ සමගි ජන බලවේගය අලුත් දේශපාලන ව්‍යාපාරක් බවත් එහි දැක්ම සමාජ ප්‍රජාතන්තවාදය බවත් විකල්ප තේරීම සමගි ජන බලවේගය බවද මන්ත්‍රීවරයා කියා සිටියේය .

මෙසේ කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දීය .