පවතින විදුලිය අර්බුදය හේතුවෙනුත් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර තිබුන් අද එලෙස ඩීසල් ලබාදීමෙන් ‍රටතුළ ඩීසල් හිඟයක් මතුවෙන බව ඛණිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.

තම සතු තෙල්තොග දින පහලොවකට අසීරුවෙන් කළමණාකරණය කර ගත හැකි මුත් විදුලි බල මණ්ඩළයට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 දෛනිකව ලබාදීමෙන් රට තුළ ඩීසල් හිඟයක් ඇතිවීම අනිවාර්ය බව එම ආරංචි මාර්ග පවසයි.