මාවතගම මැතිවරණ බල ප්රදේශයේ 2021.12.19 වන දින මල්ලවපිටිය කොට්ඨාසයේ පැවති සාමාජික ප්රවර්ධන වැඩසටහනේ දී පොදුජන පෙරමුණේ විශාල පිරිසක් සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා.
ඒ පිරිස අතර මල්ලවපිටිය කොට්ඨාසයේ පොදුජන සන්ධානයේ ප්රාදේශීය සභා අපේක්ෂකතුමන් ද සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ගනු ලැබීම විශේෂත්වයකි .
මේම අවස්ථාවට මාවතගම ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ජේ.සී අලවතුවල මහතා සමග මයන්ත දිසානායක ,අශෝක් අබේසිංහ යන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් එක් වුණා .