රට තුළ ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක කාටවත් නොකියාම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටින් බැහර වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක දී මුදල් අමාත්‍යවරයා වගකිමෙන් කටයුතු කර යුතු බවයි .

සුජිත් සංජය මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ,

“අද සියලු දෙනාම දන්නවා කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයට සිදුවෙලා තියෙන්නේ මොකක්ද කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගත්ත මෝඩ තීරණය වැරදියි .කිසිම හොයා බැලීමක් නැතුව රසායනික පොහොර තහනම් කරන්න එතුමා එක රැයෙන් තීරණය කළා. එහිදී අපේ රටේ විද්වතුන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීනයන් හැමදෙනාම කිව්වා මෙය
අද දේශීය කර්මාන්තය ගැන කතා කරනවා. 70 කාලෙත් දේශීය කර්මාන්ත දියුණු කරා කියනවා නමුත් වර්තමාන පරපුර ඒ ගැන දන්නේ නැහැ ඒ දවස්වල සමුපකාර පෝලිම් වල ගත කරපු යුගය වර්තමාන පරපුර අත්දැකලා නැහැ ආන්ඩුවේ වැඩපිළිවෙළත් එක්ක ආනයන සීමා කිරිම් නිසා 70 කාලේ යුගයට රට අරගෙන යනවා ඒ ගැන සැකයක් නැහැ දැනටත් පෝලිම් යුගය ආරම්භ වෙලා හෙට අනිද්දා කිරිපිටි ආනයනය තහනම් කරන බව මුදල් ඇමැති කියලා අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් ඉදිරි කාලයේ දී ජනතාවට ලබාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මිල ඉහළ යෑමක් ඉදිරියට දකින්න පුළුවන් මෙච්චර ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවක මේ බර මුදල් ඇමතිවරයා කරට ගන්න ඕන පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිව්වේ රට හදන්න නම් ආර්ථිකය ගොඩ ගන්න බැසිල් රාජපක්ෂ මහත්තයා ගේන්න ඕන ඊට පස්සේ මේ ඔක්කොම හරි යනවා කිව්වා දැන් එතමා මුදල් ඇමති වෙලා මාස ගණනාවක් වෙනවා මෙවැනි අර්බුද වෙලාවක් මිලියන 500ක ණයක් ජනවාරි 18 ගෙවන්න තියෙන අවස්ථාවක් මහ බැංකුවේ විදේශ සංචිත අඩු වෙලා තියෙන අවස්ථාවක් එහිදී කාටත් නොකියා හොර රහසේ මුදල් ඇමැතිවරයා රටෙන් බැහැර ගිහිල්ලා මෙවැනි අර්බුදයක් තියෙන මොහොතක වගකිවයුතු මුදල් ඇමතිවරයෙක් හැටියට මේ ආකාරයට හැසිරෙනවා නම් මේ රටට දෙයියන්ගෙ පිහිටයි.”