ලබන ජනවාරි මාස 18 දක්වා පාර්ලිමේන්තුව කල් දැමිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තිරණය කළේ ඇයි දැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අසා සිටියි.

ඔහු තව දුරටත් අසා සිටියේ පාර්ලිමේන්තුව කල් දැමිමට හේතුව ආණ්ඩුවේ පිපිරිමක් ද? යන්නායි. නැතහොත් ආණ්ඩුව නැවතත් අලුත් දර්ශනයක් ඉදිරිපත් කරන්න ද ? යන්න තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවේන් විමසා සිටියේය .

පාර්ලිමේන්තු කල් දැමීමෙන් දැන් පවතින තේරිම් කාරක සභා අහෝසි වන බවත් නැවතත් තේරිම් කාරක සභා වලට සභාපතිවරුන් හා නිළධාරීන් පත් කර යුතු නිසා දැන් තේරිම් කාරක සභා වල සාකච්ඡා කරමින් පවතින ප්‍රශ්න වලට විසදුම් ලබා ගැනිමට තවත් මාස 6 විතර ගත වෙන බවද කියා සිටියේය .

තිස්ස අත්තනායක මහතා තව දුරටත් කියා සිටියේ තේරිම් කාරක සභා වල වර්තමාන සභාපතිවරුන් හා නිළධාරීන් ආණ්ඩුව සමග අමනාප වී ඇති නිසාද ජනාධිපති විසින් පාර්ලිමේන්තුව කල් දැමිමට තිරණය කළේ ද? යන්න ප්‍රශ්න කර සිටියේ ය.

රටේ ආර්ථික වශයෙන් හා පොහොර, කෘෂිකර්මාන්තය පිළිබඳ නොයෙක් අංශ තුළ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබියදී පාර්ලිමේන්තුව කල් නොදැම නොකර යුතු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ .

මේ අදහස් දැක්වූයේ අද(13) සමගි ජන බලවේගයේ පක්ෂ කාර්‍යලයේ දීය .