ආණ්ඩුවට හැකිනම් හෙට දිනය තුළ PCR පරික්ෂණ ලක්ෂයක් සිදුකර පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අභියෝග කර සිටි.
ඔහු කියා සිටින්නේ ලංකාවේ කොරෝනා ඉවර වී නොමැති බවත් ආණ්ඩුව දැන් සිදු කරන්නේ ඉතා අඩු PCR ප්‍රමාණයක් බවය.
හේෂා විතානගේ මහතා අවධාරණය කර සිටින්නේ PCR පරික්ෂණ ලක්ෂයක් සිදු කර හොත් කොරෝනා රෝගින් 50,000ක් හමුවිය හැකි බවය.
ආණ්ඩුව දැන් සිදු කරමින් පවතින්නේ ඉන්න කෙනෙක් ජිවත් වෙන්න මැරෙන කෙනෙක් මැරෙන්න කියා vaccine ලබා දෙමින් සංඛ්‍යා ලේඛන පෙන්වමින් ඇමැතිවරයා කියනවම් අපි සාර්ථකයි කියා එහි ප්‍රතිඵල හෙට අනිද්දා බලා ගැනිමට පුලුවන් බව ද හේෂා විතානගේ මහතා කියා සිටියේය .
මේ අදහස් දැක්වූයේ අද(01) විපක්ෂ නායක කර්යාලයේ දීය .