නිළ ඇඳුම් නොමැතිව සාමාන්‍ය ඇඳුමින් සැරසුනු පොලිස් නිළධාරීන් ජනතාව අතර රඳවා තබා ජනතාව බිය ගැන්වීමට උත්සාහ දරන බවටද පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා චෝදනා කරයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ හෙට දින කොළඹ නගරයේදී පැවැත්වෙන විරෝධතාවය කිසිදු හේතුවක් නිසා නතර නොකරන බවත් කුමන බාධා පැමිණියද ආණ්ඩු විරෝධී සටන අඩපන නොකරන බවයි .

සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විරෝධතාවය නතර කිරීම සඳහා ආණ්ඩුව උපරිම උත්සාහ දරන බවත්, මේ වනවිටත් ඊට අදාලව පොලීසියට නියෝග ලබා දී තිබෙන බවත් නානායක්කාර මහතා පවසයි.

විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝග ගැනීමටද උත්සාහ දරන බවත් අධිකරණ නියෝගවලින් විරෝධතාවය නරත කිරීමට නොහැකි බවත් ඔහු සඳහන් කරයි.

මීට අමතරව

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කිහිපයකින්, උද්ඝෝෂණයට එරෙහිව තහනම් නියෝග ලබා ගැනීමට පොලීසිය උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක විය.