කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ (UCSC) පළමු වසරේ අධ්‍යාපනය ලබන උපාධි අපේක්ෂකයින් 300 කට ආසන්න පිරිසක් සඳහා ආරාධිත දේශනයක් හෙට (10) දිනයේදී මතර තරුණ සමගි ජන බලවේගයේ චතුර ගලප්පත්ති මහතා විසින් සිදුකිරීමට  නියමිතය.

එතුමා විසින් නිකුත් කළ නිවේදනය මෙසේය ,

විද්‍යාර්ථයෙකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ පරිගණක විද්‍යාව උපාධිය හදාරා මේ වනවිට ක්‍රියාකාරී දේශපාලනයේ සිටින එකම පුද්ගලයා ලෙස මා හට ප්‍රථම වසර උපාධි අපේක්ෂක සහෝදර සහෝදරියන් 300 කට ආසන්න පිරිසක් අමතා ආරාධිත දේශනයක් සිදුකරන ලෙස අප විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනය විසින් මා හට ආරාධනයක් සිදු කොට ඇති අතර එම ආරාධනය මා ගෞරවයෙන් යුතුව පිලිගතිමි.

ඒ අනුව “How to Contribute to national development as a computer science graduate?” (පරිගණක විද්‍යා උපාධිධාරියෙකු ලෙස ජාතික සංවර්ධනයට දායක වන්නේ කෙසේද?) යන මාතෘකාව යටතේ පරිගණක විද්‍යාව සහ තොරතුරු පද්ධති උපාධි පාඨමාලාවන් හදාරන සිසු සිසුවියන් ඉලක්කකොට මෙය පැවැත්වීමට නියමිතව ඇත.

මෙම ආරාධිත දේශනයට අදාළ විෂය කොටස පරිගණක විද්‍යා උපාධිධාරීන් හට අනිවාර්යකොට ඇති අතර එමගින් ඍජුවම පරිගණක විද්‍යා විෂය ක්ෂේත්‍රය පිළිබඳව හැදෑරීමක් සිදුනොකලද පරිගණක විද්‍යාව හදාරා විශ්ව විද්‍යාලයෙන් බිහිවන උපාධිධාරියා පරිගණක විද්‍යාවට අමතරව බාහිර විෂයන්ද සහිතව පුළුල් අධ්‍යනයක් සහිතව පරිපූර්ණ උපාධිධාරියෙකු ලෙස කෙසේ හැඩගැසිය යුතුද යන්න පිළිබඳව විද්‍යාර්ථයන්ගේ දර්ශනය හැඩගස්වන්නා වූ දේශන පෙළක් වනු ඇත. එහි මාගේ දේශනය ඉහත මාතෘකාව ඔස්සේ සිදුකරනු ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ අප උපාධි අපේක්ෂකයන්ව සිටි සමයේදී පවා මෙවැනි අනිවාර්ය දේශන කොටස් අප පාඨමාලාව තුල තිබූ අතර අප මහත් ඕනෑකමින් යුතුව එම දේශන සඳහා එක්වූ අයුරු මතකය. එවන් තත්වයක් තුල එකල දේශනා ශාලාවේ සිටි අයෙකු ලෙස මා හට මෙවැනි දේශනයක් සිදුකිරීම සඳහා ආරධනා කල අප විශ්ව විද්‍යාලයේ පරිගණක  අධ්‍යායතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය කේ.පී.හේවාගමගේ මැතිතුමන්ට සහ එම අංශය භාර නොයෙල් සර්ට මාගේ ස්තුතිය පුදකිරිමටද කැමැත්තෙමි. ඒ අනුව හෙට (10) දින පරිගණක අධ්‍යන  අධ්‍යායතනයේ පළමු වසරේ උපාධිධාරීන් හමුවේ සාර්ථක දේශනයක් පැවැත්වීමේ අරමුණින් යුතුව මාගේ කෙටි සටහන නිමකරමි.

  • චතුර ගලප්පත්ති / 2021.11.09

ChathuraGalappaththi #ucsc #UOC

balavegaya Screenshot 20211109 222018