පොහොර නොමැති විමෙන් ගොවින් තම වගාබිම් වලින් ඉවත් වි ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි අලවතුවල මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටේ ජනතාව ගොවි ජනතාව ගෙන හිතලා රට සාගතයෙන් මුදවා ගැනිමට නම් රසායනික පොහොර තහනම රිවස් කර යුතු බවත් පවසා සිටින අතර නැතහොත් මම තමයි හොදට කරන්නේ කළොත් ඉදිරියේදී භයානක ප්‍රතිඵල ලැබිය හැකි බව පවසයි .

රටේ ජනතාව රවට්ටමින් සිටින මහින්දානන්ද ඇමතිවරයා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු විසින් ගෙනවායි කියන පොහොර පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොරක් නොව රසායනික පොහොරත් බව විශේශඥයින්ගේ මතය බවයි කියා සිටියේ .

හොද තත්ත්වයෙන් යුතු පොහොර ගොවින්ට ලබා දෙනමෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අලවතුවල මහතා කියා සිටියේ පොහොර නොමැති වුණොත් ඉදිරි සිංහල අවුරුද්ද වනවිට සාගතයක් ඇති විම නොවැළැක්විය හැකි බවයි.