බලය ලබාගැනීමෙන් පසු කොලොන්නාව නගරයට සිදුකරන සියලු සංවර්ධන වැඩපිළිවෙලවල් පිළිබඳව මේ වන විටත් ජනතාව දැනුවත් කර අවසන් බව ඊයේ (8) දිනයේද කොලොන්නාව ප්‍රදේශයේ පවතී විජයග්‍රාහී ජන රැළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. මේ. මරික්කාර් පැවසීය.

මරික්කාර් මන්ත්‍රීවරයා මෙම රැළිය අමතමින් කියා සිටියේ 2015 මැතිවරණයේදී කොලොන්නාව කොට්ටාශය වැඩි ඡන්ද 130000කින් දින වූ බවත් මේ වතාවේ සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 250000කින් කොලොන්නාව කොට්ටශයෙන් ජයග්‍රහණය කරවන බවයි.

වැඩිදුරටත් අදහස් දැක වූ එස්. මේ. මරික්කාර් මහතා,

‘‘ජේ.වී.පි. කාරයෝ මොනවා කරත් කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ ඝාතණය කරපු එක අපේ ජනතාවට හොදට මතකයි ජේ.වී.පී. කාරයින්ට මෙහේ ඉඩක් නෑ කියන්න මම කැමැතියි. අනුර කුමාර ගිය සතියේ කොටිකාවත්තට ආවා සෙනග දෙසීයකට වැඩිය හිටියේ නැහැ. ඊයේ මුස්ලිම් එකමුතුව කියලා එකක් තියන්න ආවා. පණහක්වත් නෑ. 2015 දී මේ මැතිවරණ කොට්ඨාශය එක්සත් ජාතික පක්ෂය දිනවන්න අපි ඡන්ද දාහත්දාහකින් දිනවන්න මේ 21 වැනිදට වැඩි ඡන්ද විසිපන්දාහකින් සජිත් ප්‍රේමදාස මැතිතුමාව දිනවන්න කටයුතු කරනවා.

කොළොන්නාවේ ඊළඟ අවුරුදු පහේ කරන වැඩ ටික ලිඛිතව හැම ගෙදරකටම දීලා ඉවරයි. මුළු කොළොන්නාවම වාණිජ නගරයක් කරනවා කියලා ලිඛිතව දීලා ඉවරයි. අධ්‍යාපනය පැත්තෙන් මෙහි තිබෙන පාසල් ප්‍රතිසංස්කරණය කොට ජාතික පාසල් බවට පත්කරනවා. ත්‍රි රෝද රථ රියදුරාගේ පුතාව විශ්ව විද්‍යාලයට යන වාතාවරණය සකස් කරනවා. වර්ෂා කාලයට මෙහි බහුල වශයෙන් ගංවතුර උවදුරට මුහුණ දුන් ජනතාවක් ඉන්නේ. මේ වන විට එය හුගක් දුරට පාලනය කරලා තිබෙන්නේ. 21 වැනිදා දිනලා ආණ්ඩුව පිහිට වූ වහාම වැහි වතුර ගංවතුර සම්පූර්ණයෙන්ම පාලනය කරනවා කියලා මම කියනවා”