හරියටම තව මාසයකින් මේ දිනය වන විට රටේ දුප්පත් ජනතාවගේ නායකයා, පීඩිත පන්තියේ ජනතාවගේ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්වී අවසන් බවත් අපේක්ෂකයින් 39ක් නාමයෝජනා බාරදී තිබුනත් එම අපේක්ෂකයින් අතර නිශ්චිත වශයෙන්ම දිනන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් එස්.එම් මරික්කාර් මහතා පවසනවා.

මරික්කාර් මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ තරඟ කලත් ඔවුන් තරඟ වදින්නෙ ජනතාව රැකගැනීමට නොව ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කිරීමට බවයි.

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස් එම මරික්කාර් මහතා මේ බව කියා සිටියේ ඊයේ (22) දින සජිත් ප්‍රේමදාස මහතා මෙරට නියත ජනාධිපතිවරයා බවට පත්කිරීම වෙනුවෙන් ඊයේ දින මොරටුවේදී පැවති විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

එම රැලියේදී මරික්කාර් මහතා වැඩිදුරටත් පැවසූ අදහස්,

“තව මාසයකින් රටේ දුප්පත් ජනතාවගේ නායකයා , පීඩිත පන්තියේ ජනතාවගේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා රටේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වී අවසානයි. ජනාධිපතිවරණයට අපෙක්ෂකයන් 39 ක් නාමයෝජනා දුන්නට දිනන අපේක්ෂකයන් ඉන්නේ එක්කෙනයි. ඒ සජිත් ප්‍රේමදාස මහතා පමණයි.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ තරඟ වදිනවා. ඔවුන් ජනතාව රැක ගන්න නෙවෙයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඔවුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ ඔවුන්ගේ පන්තිය රැක ගන්න.

රටේ දුක්විඳින ජනතාවගේ අනාගතය ද? නැත්නම් රටේ ධන කුවේරයන්ගේ අනාගතයද? එසේ නැතිනම් රටේ පීඩිත ජනතාවගේ බදු මුදල් ඒ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යොදාගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද? නැත්නම් පීඩිත ජනතාවගේ බදු මුදල් ධන කුවේරයන්ට හොරකම් කරන්න ඉඩ ලබාදෙනවාද? දරුවන්ට සුහුරු අධ්‍යාපනයක් ලබාදී දරුවන්ගේ අනාගතය සුබවාදි කරනවාද? නැතිනම් ධන කුවේරයන්ගේ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාදී ඔවුන්ට රටේ සම්පත් හොරකම් කරන්න ඉඩ ලබාදෙනවාද? කියන තිරණ තිබෙන්නේ ජනතාව සතුවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 1999 , 2005 ජනාධිපතිවරණ වලදි පැරදුනා. ඉන්පසුව 2010 , 2015 ජනාධිපති මැතිවරණ පරිදින බව දන්න නිසා ඉදිරිපත් වුණේ නෑ. ඒ වෙනුවට වෙනත් අපෙක්ෂකයන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළා. 2019 දීත් පරිදන බව දන්න නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ නෑ.
මේ පාර රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාව පරාජය කරන්න. නමුත් රනිල් වික්‍රමසිංහගේ ඒ සිහිනය අපි කිසිදවසක සැබැ වෙන්න ඉඩ තියන්නේ නෑ.

ගෝඨාභය රාජපක්ෂ පලා ගියාට පස්සේ රාජපක්ෂවරුන්ගේ සහායෙන් රටේ ජනාධිපති වුණා.
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපතිව තෝරාගන්නේ පාර්ලිමේන්තුවෙන් කියලා රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා. ඒ නිසා මන්ත්‍රීවරුන්ට විවිධ වරදාන වරප්‍රසාද ලබාදී මන්‍ත්‍රීවරු බිලි බා ගන්න කටයුතු කරනවා. එක මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 2000 ක් පමණ රනිල් වික්‍රමසිංහ මහත්තයා වියදම් කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ගත්තට වැඩක් නෑ ඡන්දය තියෙන්නේ මහජනතාව ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා සමඟ. ඒ වගේම රටේ ජනතාව දුක් විඳින නිසා තමයි සජිත් ප්‍රේමදාස මහතාව තෝරාගෙන ඉන්නේ”