2024 ICONIC AWARD ශ්‍රී ලංකා සම්මාන උළලේ පා.ම. තිස්ස අත්තනායක මහතාගේ “ජන පවුර” වැඩසටහන ICONIC AWARD සම්මාන උළලේ විශේෂ ඇගයීමකට ලක්විය.

දැනට ජනාධිපති අපේක්ෂක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රට පුරා පවත්වනු ලබන රැස්වීම් සදහා යොදාගෙන ඇත්තේ පා.ම. තිස්ස අත්තනායක මහතාගේ සංකල්පයක් වන “ජන පවුර” වැඩසටහනයි.

BMICH හීදී පැවති 2024 ICONIC AWARDS සම්මාන උළලේ දී අදාළ සම්මානය තිස්ස අත්තනායක මැතිතුමා ICONIC AWARDS පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂිකා දෙව්මිණි අතපත්තු සහ ඉකොනික් අවර්ඩ් මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂක අසංක අතපත්තු යන අයගෙන් ලබා ගත්හ.

මීට අමතරව තිස්ස අත්තනායක මහතාගේ සංකල්පයකට අනුව රට පුරා ක්‍රියාත්මක වූ “සදහමි යාත්‍රා” වැඩසටහනද “iconic award” සම්මාන උළෙලේ  දී විශේෂ ඇගයීමට ලක්විය. සම්මාන උළෙලේ  දී මෙම වැඩසටහන් දෙක නම්කර තිබුනේ ජනප්‍රියම දේශපාලන සංකල්ප දෙක යනුවෙනි.