රටේ පෝලිම් ඉවත් කළ බවට රනිල් වික්‍රමසිංහ විසින් බොරුවක් රට පුරා පතුරවනවන බවත් එම බොරුව රටේ කිසිවෙකු විශ්වාස නොකළයුතු බවත් පවසමින් මනෝ ගනේෂන් මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමට පෙර ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් ලබා දීමට තීරණය කර තිබූ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති විමෙන් පසු ඔහු විසින් සිදුකලේ එම මුදල් වියදම් කිරීම පමණක් සිදුකල බවත් මනෝ ගනේෂන් මහතා පැවසීය.

මේ වන විට රට ලබාගෙන තිබෙන ණය සහ පොලී නොගෙවීම නිසා තවත් පොලී අනුපාතිකය වැඩි වී තිබෙන බවත් මෙරටට එක තඹ සතයක විදේශ ආයෝජන ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ සමත් වී නොමැති බවත් මනෝ ගනේෂන් මහතා මෙම රැලියේදී අවධාරණය කරමින් ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපති රේස් එකේ ඉන්න පලවෙනි අස්සයා සජිත් ප්‍රේමදාස මහතා බව දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා අද (22) සජිත් ප්‍රේමදාස මහතා නියත ජනපතිවරයා බවට පත්කිරීම වෙනුවෙන් පැවති මොරටුව විජයග්‍රාහී ජන රැළිය අමතමින් පැවසීය.

රනිල් වික්‍රමසිංහ වීරයෙකු මෙන් රට බාරගත් බව පවසමින් සජිත් ප්‍රේමදාස මහතා එය ප්‍රතික්ෂේප කළ බව පැවසුවත් කිසිඳු අවස්ථාවක සජිත් ප්‍රේමදාස මහතා අගමැතිකම ප්‍රතික්ෂේප නොකළ බවත් ජනමතයක් නැති පාර්ලිමේන්තුව ඉතා ඉක්මනින් විසුරුවා හැර ජනතා බලයකින් යුතු ආණ්ඩුවක් පිහිටුවීමට ඉතා ඉක්මනින් මැතිවරණයකට යා යුතුය යන එකඟතාවය මත ආණ්ඩුව බාරගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සුදානම්ව සිටි බවත් මනෝ ගනේෂන් මහතා මෙහිදී පැවසීය.

ජනමතයකින් තොර රාජපක්ෂ ආණ්ඩුව බාර නොගත්තත් සජිත් ප්‍රේමදාස මහතා ලබන මාසයේ 22 වන සිනා වන විට මේ රටේ මධ්‍යම පන්තියේ, දුගී දුප්පත් ජනතාවගේ නියත ජනාධිපතිවරයා වන බව මනෝ ගනේෂන් මහතා පැවසීය.