ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාර ගැනීම අද (15) උදෑසන 9.00 ට ආරම්භ වනවා.

අද උදෑසන 11 දක්වා නාමයෝජනා භාර දිමේ හැකියාව පවතිනවා.

ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 9.00 සිට 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා සඳහන් කළා.

මේ හේතුවෙන් අද(15) දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිපිළිවෙළක්ද ක්‍රියාත්මකයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ඒ සියලු දෙනා නාමයෝජනා භාරදීම සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ නියෝජිතයින් සමග මැතිවරණ කොමිසම ඊයේ (14) විශේෂ සාකච්ඡාවක පැවැත්වුවා.

සාකච්ඡාව සංවිධානය කර තිබුණේ අද දිනයේ නාමයෝජනා භාර දීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින්.

ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් මෙන්ම මැතිවරණ කටයුතුවලට අදාළ විවිධ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් ද එම සාකච්ඡාවට එක්ව සිටි බවට වාර්තා වනවා.