පහත් නින්දිත විදියට මන්ත්‍රීවරුන් බිලිබාගෙන තමන්ට දිනන්න පුළුවන් කියන සංකල්පයක් පිළිබඳව කියමින් යන වත්මන් ජනාධිපතිතුමාට පාඩමක් ඉගැන්විය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අද සමගි ජන සන්ධානය එළිදැක්වීමේ මොහොතට එක්වෙමින් ප්‍රකාශ කරයි.

බංගලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනා මැතිණිය තම බලය අනිසි ලෙස භාවිතා කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමමින්, මන්ත්‍රීවරුන් බිලී බාගනිමින්, මැතිවරණයට බලපෑම් කරමින් සිදුකළ ඒකාධිපති ක්‍රියාවලිය නිසා එතුමියට අද මෙම ඉරණම අත්වී තිබෙන බවත්, එය අපේ රටේ සිටින නායකයන්ට හොද පාඩමක් බවත් රවුෆ් හකීම් මහතා පවසනවා.

රවුෆ් හකීම් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ වත්මන් නායකයා පිට්පොකට් කරුවෙකු මෙන්, වටේ සිටි සියලුදෙනාගේ ඇස් වහමින්, මැතිවරණ කාල සීමාවක් තුලදී මහ බැංකු මංකොල්ලය සිදුකළ බවත් එම මංකොල්ලයට වඩා සියගුනයක මංකොල්ලයක් ජනාධිපතිවරණය කට උඩ තිබුයදී  VFS විසා ගනුදෙනුව හරහා සිදුකල බවත්, එවැනි නායකයෙකුට නැවත වතාවක් බලය දිය යුතුද නැතිද යන වග සියලු ජනතාව හොදින් සිත බැලිය යුතු බවත්ය.