චන්ද්‍රසේන විජේසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙල සමඟ එකඟතාවය පළකර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු සහ හිටපු ධීවර ඇමැතිවරකු වන චන්ද්‍රසේන විජේසිංහ මහතා අද (07) සමගි ජන බලවේගයට සහය පලකිරීමට එකඟතාවය පළකර තිබෙන්නේ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.