ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක නීතියට අනුව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.
එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ සෑම අවස්ථාවකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජන මතය විශ්වාස කළ බවත් ඒ සෑම අවස්ථාවකම වද බලන ජනාධිපතිවරයා අවලාද නැගූ බවත් අද වන විට සමස්ත ජනතාවටම විශ්වසනීය කවුද, ඩීල් දේශපාලනය කරන්නේ කවුද යන වග තේරුම් ගොස් ඇති බවත්ය.
වැඩබලන ජනාධිපතිවරයාගේ ඩීල් දේශපාලනය නිසා අද ඔහුට පොහොට්ටුවේ සහයෝගය පවා අහිමි වී අසරණ තත්වයකට පත්ව ඇති බවයි එතුමා සඳහන් කරන්නේ.
අද (30) පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා.