ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණී අඹගහවත්ත මහතා විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබෙනවා.

පසුගිය කාලවකවානුවේදී තොන්ඩමන් අමාත්‍යවරයා සම්බන්ධ ඇතැම් සිදුවීම් නිසා සමාජය තුළ කිසියම් නොසන්සුන්තාවයක් ද ඇතිවී තිබූ අතර ඔහු විසින් පුද්ගලයින්ට පහරදීම් මෙන්ම බැනවදීම් ද වාර්තා වී තිබුණා.