පළාත් පාලන මැතිවරණය කල් දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේ වනවිටත් බලාත්මක බැවින් නීති විරෝධීව ලබා දී ඇති පත්වීම් වහා අවලංගු කරන්නැයි මැතිවරණ කොමිසම සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

එම නීතිය බලපවත්වන කාලය තුළ කිසිදු දේශපාලන පක්ෂයක් , අපේක්ෂකයින් මෙන්ම කණ්ඩායමක් ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළ යුතු වුවද ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් එම නීතිය උල්ලංඝනය කර ඇති බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

කොමිසම කියන්නේ පලාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයින් තෝරාගෙන ඔවුන්ට පත්වීම ප්‍රදානය කර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවය.

ප්‍රධානතම මැතිවරණක් සදහා සූදානම් වන මොහොතේ රජය රාජ්‍ය සම්පත් හා රාජ්‍ය බලය ඉතා බරපතල අයුරින් දේශපාලන ව්‍යාපෘතීන් සඳහා භාවිත කරමින් පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාරවරුන්ගේ නියෝජිතයන් ලෙස හිටපු පළාත් පාලන නියෝජිතයන් පත් කරමින් සිටි ආකාරයක් පසුගිය දිනයන්හිදී දැකගන්නට ලැබුනා.

මේ බව තහවුරු වන්නේ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් තනතුරු කිහිපයක් ලබා දෙමින් හිටපු සභාපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ලිපි යොමු කිරීමත් සමගය.

නීති විරෝධිව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ඒ ආකාරයට යවන ලද පත්වීම් ලිපි දෙකක් සහ එසේ පත්වීම් ලබා දෙන අවස්ථාවක් පහතින්,

balavegaya image 12 768x1647 1