මෙරට නිවාසලාභින් සතු නිවාස සදහා නව ආරෝපිත බද්දක් අනිවාර්යයෙන් හදුන්වා දිය යුතු බවට IMF සංවිධානය විසින් දැනුම් දී ඇති බවත්, එය කිසිසේත් වෙනස් කල නොහැකි අනිවාර් ය බදු ක්‍රමයක් වන බවට රජයේ වගකිවයුතු මැති ඇමතිවරුන් ප්‍රකාශ කලහ.

මෙම තත්ත්වය තුළ ඉතාමත් අසරණභාවයට ලක්ෂ සංඛ්‍යාත සංඛ්‍යාත ජනතාවක්, දැරිය නොහැකි බදු බරකින් පීඩාවවට පත්වන බව නිවැරැදිව දුටු සජිත් ප්‍රේමදාස මහතා, නිවාස හිමි සමාජය වෙත මින් සිදුවන හානිය පිළිබඳ පසුගිය දින කිහිපය තුළ ජනතාව අතරට හැම විටම ඒ පිළිබඳ අදහස් දක්වමින්, එම ජනපීඩාකාරි බදු ප්‍රථිපත්තිය වහා වෙනස් කල යුතු බවට රජයට බලපෑම කලහ.
මෙම ජනතා හිතකාමී ප්‍රකාශය ප්‍රතිකේෂ්ප කල රජයේ ඇමතිවරු න් නැවත ප්‍රකාශ කලේ, IMF කොන්දේසි කිසිවක් වෙනස්කල නොහැකි බවයි.

ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී, මෙම ප්‍රශ්නය, මැතිසබයට ඉදිරිපත් කල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජනතාව වෙත තවදුරටත් මෙමගින් බදු බර පැටවීම වෙනුවට බදු ගෙවීම් පැහැර හැර ඇති අයවෙතින් එකී මුදල අයකිරීමේ ක්‍රියාවලිය පිළිබඳ කරුණු දැක්වීය.

එවිට මැතිසබයේ සිටි ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ මෙම බදු පනත කිසිසේත් සාමාන්‍ය මධ්‍ය පංතික ජනතාවට බල නොපාන බවත් එකී පනත ක්‍රියාත්මක වන්නේ ඉහල ආදායම් ලාභී ජන කොටස් සතු නිවාස සදහා පමණක් බවයි.

මෙය රජය විසින් නිරන්තරයෙන් ප්‍රකාශ කරන වෙනස් කල නොහැකි IMF කොන්දේසි ජනතා පීඩනය හා විපක්ෂ නායක බලපෑම මත වෙනස්වීමක් සමගින්,
සජිත් ප්‍රේමදාස ප්‍රකාශය හේතුවෙන් සමාජයේ සැලකිය යුතු පිරිසකට දැරිය නොහැකි බදු බරක වහා ඉවත්වීමක් සිදුවූ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී මැතිසබයට පෙන්වා දුනි .