වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට හදන වැඩපිළිවෙළට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඔහු වයඹ පළාත් මහඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී. වයඹ පළාත් සභාව අහෝසි වන තුරුම එහි මහඇමතිවරයා ලෙස හෙතෙම කටයුතු කරන ලදී. එසේම බිංගිරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයේ ද ඒ මහතා කටයුතු කර තිබේ.