විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ තරුණ පරම්පරාව වර්තමානයේ මුහුණදෙන විශාල ඛේදවාචකයක් වන මත්පැන් මත්ද්‍රව්‍ය අවම කිරීමේ හදිසි අවශ්‍යතාව පෙන්වා දුන් අතර මත්පැන් කර්මාන්තයට රජයෙන් ලැබෙන අනුග්‍රහය අවම කිරීම සඳහා පෙනී සිටියේය, නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිතවත් ඇතැම් මාධ්‍ය විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරය වැරදි ලෙස අර්ථකථනය කර ඇති අතර, මේ නිසා එම කාරණය සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය ව්‍යාකූලත්වයට හේතු වී තිබේ.
සුරාසැල් සහ තැබෑරුම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරන ස්ථාවරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ ඥාතියෙකු වන රුවන් විජේවර්ධනට අයත් ඩේලි මිරර් (daily mirror) ඉංග්‍රීසි පුවත්පත විපක්ෂ නායක වරයාගේ මුල් ප්‍රකාශය වෙනස් කරමින් මෑතක දී පළ වූ වාර්තාවක් රට තුල සංවාදයක් ඇති කර තිබේ. ඒ අනුව එම පුවත්පතේ සඳහන් කර තිබුනේ සමගි ජන බලවේග රජයක් යටතේ සංචාරක ව්‍යාපාරයට දායක වන අයට පමණක් සුරාසැල් සහ තැබෑරුම් දැමීමට අවසර ලබාදෙන බවයි.
daily mirror වෙබ් අඩවියේ පළකර තිබූ සාවද්‍ය ප්‍රකාශය,
කෙසේ වෙතත් මෙම පුවත්පතේ සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයට වෙනස් සහ මුල් ප්‍රකාශය විකෘති කරමින් ඉහත ලිපිය වාර්තා කර තිබූ බව අනාවරණය වේ.
මැයි 14 වැනිදා ගම්පහ මල්වතු හිරිපිටිය රෝහලේ පැවැති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව අවදානය යොමු කර තිබුණි.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මෙම ජන හමුවේදී විශේෂයෙන්ම පාසල්, පන්සල් වැනි සංවේදී ස්ථාන අසල මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම විවේචනය කළේය. විශේෂයෙන්ම පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් අවධාරණය කළ ඔහු තම පක්ෂය බලයට පත්වුවහොත් මෙම ගැටලුව විසඳීමට කැපවී සිටින බවත් මැතිවරණ වසරක් තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය මුවාවෙන් අත්තනෝමතික ලෙස මන්ත්‍රීවරුන්ට ලබා දෙන මත්පැන් බලපත්‍ර සමගි ජන බලවේගය රජයක් යටතේ අහෝසි කරීමට පියවර ගන්නා බවද අවධාරණය කර සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ද මේ ප්රශ්නය මතු කළේ රට තුළ පවතින මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු අවම කිරීමට තම කැපවීම පිළිබඳව අවදානය යොමුකළ අතර ඔහු කියා සිටියේ මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් දැඩි රෙගුලාසි අවශ්‍ය බවයි.
Daily Mirror පුවත්පතේ සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය විකෘති කරමින් සියලුම සුරාසැල් වසා දැමීමට පියවර ගන්න බවට ප්‍රකාශ කර තිබුනත්, මෙම ප්‍රකාශය වැරදි ලෙස ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වේ. විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශ සහ ක්‍රියාවලින් පෙන්නුම් කරන්නේ නියමිත ක්‍රියාවලියකින් තොරව නිකුත් කරන ලද බලපත්‍ර අවලංගු කිරීම සහ පාසල්, ආගමික ස්ථාන වැනි සංවේදී ප්‍රදේශවලට අවදානය යොමුකරන බවයි.
Daily Mirror පුවත්පත වාර්තාකර තිබූ සාවද්‍ය සටහනින පසු සජිත් ප්‍රේමදාස මහතා තැබූ ‘X’ (Twitter) සටහන,
එම පුවත්පත් වාර්තාව ප්‍රතික්ෂේප කළ විපක්ෂ නායකවරයා පහතින් දැක්වෙන පරිදි සිය මතය පැහැදිලි කළේය. පහත දැක්වෙන පරිදි ‘ඩේලි මිරර්’ තම ප්‍රකාශ වැරදි ලෙස උපුටා දක්වා නිවැරදි ප්‍රකාශයක් නිකුත් නොකළ ආකාරය පිළිබඳව ඔහු සිය කණගාටුව ප්‍රකාශ කළේය.
.@Dailymirror_SL is a mockery of journalism. Deliberately misquoted me and later changed the article, no correction issued. I said I will cancel liquor licenses issued as bribes not ban liquor stores if we come to power. What I will ban is @Dailymirror_SL from any press briefings https://t.co/KhyHqOlFiB
— Sajith Premadasa (@sajithpremadasa) May 16, 2024