ජනමතයක් නියෝජනය නොකරන පාර්ලිමේන්තුවකින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඉඩ නොදෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.

මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටින්නේ ජනවරමක් නියෝජනය කරන ආණ්ඩුවකින් පමනක් විධායක ජනාධිපතිධුරය අහෝසි කල යුතු බවත් වර්තමනහ්යේ රටේ බලය හොබවන ජනවරමකින් තොර ආණ්ඩුව විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ යෝජනාව මගින් මැතිවරණ නොපවත්වා තවත් බලයේ සිටීමට කුමන්ත්‍රණ කරමින් සිටින බවයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය අගමැති ධූරයක් බවට පත්කරගැනීම මගින් දීර්ඝ කාලීනව බලයේ සිටීමට සිහින දකිමින්ක සිටින බවත් එම ක්‍රියාමාර්ගයට එරෙහිව සමඟි ජන බලවේගය පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වන අතර මරික්කාර් මහතා අවධාරණය කරමින් කියා සිටියේ මෙම වසරේ සැප්තැම්බර් 16ත්, ඔක්තෝම්බර්16ත් අතර දිනයකදී අනිවාර්යෙන් මැතිවරණයක් පැවැත්වෙන බැවින් සියලුදෙනාටම ජනාධිපතිවරණයක් සඳහා සුදානම් වන ලෙසයි.

අදාළ වීඩියෝව මෙතනින් නරඹන්න