සමගි ජන බලවේගය ප්‍රමුක දේශපාලන පක්ෂ මෙන්ම සමාජ ක්‍රියාකාරිකයින් සහ විවිධ සිවිල් සංවිධාන විසින් පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳව ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගනිමින් තිබෙන මොහොතක ජනාධිපති මාධ්‍ය අංශය විසින් අධිකරණයට අනිසි බලපෑම් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපති කාර්යභාරය ඉටුකිරීමට සහයෝගය දෙන ආයතනක් බවත් ජනාධිපතිවරයාගේ කාර්යභාරයන්ට බාදා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලගනය කිරීමක් බවත් හුවා දක්වමින් කියා සිටින්නේ පොලිස්පතිවරයා ඇතුළු ඉහල තනතරු වලට පුද්ගලයින් පත්කිරීමේ බලය විධායකයේ ඒකාධිකාරී බලයක් බවයි.

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත් කර තිබෙන්නේ ජනපතිගේ බලය සීමා කරමින්, ප්‍රධාන තනතුරවලට පුද්ගලයින් පත් කිරීමේ දී ජනපතිගේ තනි මතයට හිතුමතයට පත් කිරීම් සිදු කිරිම සීමා කරමින් බවත් එම පත්කිරීම්වලින් කොටසක් සිදු කිරීම ව්‍යවස්ථා සභාවට තිබෙන අතර ජනාධිපතිවරයාගේ පත්කිරීම් අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථා සභාවටත් ලබා දීම තුළ විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල සීමා කර ඇති බවත්ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (1) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 76 වැනි අදියර යටතේ මධුරාපුර අසාෆා මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

PMD