ලෝකයට නව නිෂ්පාදන එකතුකර රටේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා ආර්ථික මොඩලයක් සමගි ජන බලවේගය ඉදිරිපත් කරන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ රටේ ගණිකා වෘත්තිය සහ රටේ කාන්තාවන්ගේ පියවුරු විකිණීම ගැන කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය.

මෙයින් සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති වල තිබෙන වෙනස පැහැදිලිව පෙනෙන බවත් ඒ මහතා හෙතෙමෙ සඳහන් කළේය.

විදේශ සම්බන්ධතා මගින් රටට ආයෝජන ලබාගැනීමට සහ ආනයන අපනයන සුරක්ෂිතතාවය ඇති කිරිම පිළිබඳව ආර්ථික මොඩලයක් ආණ්ඩුවේ සතුව නොමැති බවත් නමුත් සමගි ජන බලවේගයට රටේ ආදායම් උත්පාදනය කිරිමේ ප්‍රතිපත්තියක් තිබෙන බවත් රටේ පෞද්ගලික අංශයේ දැනුම ආර්ථික හැකියාව යොදාගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙලක් සමගි ජන බලවේගය සතුව තිබෙන බවත් ලෝකයේ නව නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකාව බද්ධ කිරිම සඳහාත් වැඩපිළවෙලක් සමගි ජනබලවේගය සතුව තිබෙන බවත් හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේය.

වැට් බද්ද හරහා සහ අනෙකුත් ආදායම් මාර්ග හරහා එකතු කර ගත් මුදල් විමද්‍යගත ආකාරයට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට ලබාදිලා තිබෙන බවත් එසේ මුදල් ලබාදීලා තිබෙන්නේ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර සිදුකර ගැනීමට බවත් ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ තිබෙන අප්‍රසාදය නැති කර ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට ආණ්ඩුව පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට අවස්ථාවක් ලබාදීලා තිබෙන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විමද්‍යගත මුදල් වලින් කිසිදු මුදල් ලබාදී නැති බවත් හෙක්ටර් අප්පුහාමි  වැඩිදුරටත් සඳහන් කළේය.

අද (23) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද පැවැසීය.

‘‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ නායකයන් ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ තිබෙන අඩුපාඩු පිළිබඳව කතානායකවරයා සමඟ සාකච්ඡා කරන අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා සහභාගි වුණේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ ගත කරන්නේ දෙබිඩි පිළිවෙතක්.

තමන්ගේ අයිතීන් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන සාමාන්‍ය පුරවැසියන් , මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ නායකයින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගැනීම සුදුසු නැති බව. ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ සංශෝධන සිදුවිය යුතු කරුණු කිහිපයක් තිබෙන නිසා ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ නායකයින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ලෝකයට නව නිෂ්පාදන එකතුවෙලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ආර්ථික මොඩලයක් සමගි ජන බලවේගය ඉදිරිපත් කරනකොට ජනතා විමුක්ති පෙරමුණ රටේ ගණිකා වෘත්තිය ඇති කිරිම පිළිබඳව සහ රටේ කාන්තාවන්ගේ පියයුරු විකිණීම ගැන කතා කරනවා. සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වල තිබෙන වෙනස පිළිබඳව මෙයින් පැහැදිලි වෙනවා.

රටේ තොරතුරු නිවැරදිව සමාජ ගතවීමට මාධ්‍ය නියාමනයක් අවශ්‍ය වී තිබෙනවා. නමුත් ආණ්ඩුවේ වැරදි වහ ගන්න , ජනතාවගේ කට වහන්න පනත් ගේන්න ආණ්ඩුව කටයුතු කරනවානම් ඊට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විරුද්ධයි. ඔන්ලයින් ආරක්ෂණ පනත ජනතාවට හානියක් නොවන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතුයි. අනිවාර්යෙන් මාධ්‍ය නියාමනයක් තිබිය යුතුයි.

වැට් බද්ද හරහා සහ අනෙකුත් ආදායම් මාර්ග හරහා එකතු කර ගත් මුදල් විමද්‍යගත ආකාරයට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට ලබාදිලා තිබෙනවා. එසේ මුදල් ලබාදීලා තිබෙන්නේ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය සිදුකර ගමට ගිහින් වැඩ කරලා ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ තිබෙන අප්‍රසාදය නැති කර ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට ආණ්ඩුව අවස්ථාවක් ලබාදීලා තිබෙනවා. පොහොට්ටුවේ පිරිසත් තමයි ප්‍රාදේශිය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට පත් කරලා තිබෙන්නේ. ඔවුන්ට පමණයි ලැබෙන මුදල් ගම වෙනුවෙන් වෙන් කරන්න හැකියාව තිබෙන්නේ. ජනතාව බඩගින්නේ තියලා ඒ වේදනාව විකුණලා ගන්න මුදල් අරගෙන තමයි පොහොට්ටුවේ පිරිස ගමට එන්නේ. විපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකුට විමද්‍යගතව කිසිදු මුදලක් ලබාදීලා නෑ. වැට් බදු වලින් ලබාගන්න මුදල් භාවිතා කරන්නේ මැතිවරණ ව්‍යාපාරය සඳහා පමණයි.

රටේ අධ්‍යාපනය , සෞඛ්‍යය , ආර්ථිකය ශක්තිමත් කරන්න , විදේශ සම්බන්ධතා මගින් රටට ආයෝජන ලබාගන්න , ආනයන අපනයන සුරක්ෂිතතාවය ඇති කරගන්න ආර්ථික මොඩලයක් පිළිබඳව ආණ්ඩුවේ කිසිඳු කතාබහක් නෑ. නමුත් සමගි ජන බලවේගයට රටේ ආදායම් උත්පාදනය කිරිමේ ප්‍රතිපත්තියක් තිබෙනවා. ඒ වගේම රටේ තිබෙන පෞද්ගික අංශයේ දැනුම යොදාගෙන ඔවුන්ගේ ආර්ථික හැකියාව යොදාගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙලක් සමගි ජන බලවේගය සතුව තිබෙනවා. ඒ වගේම ලෝකයේ නව නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකාව බද්ධ කිරිම හරහා විශාල විදේශ විනිමයක් උපයාගැනීමට හැකි වෙනවා.

විදේශ වෙළඳපොලක් හඳුනාගෙන ලංකාවේ නිෂ්පාදන අපනයනය කරන ව්‍යාපාරිකයන්ට රටේ බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම කළේ ඒ ව්‍යාපාරිකයන්ට අධික ලෙස බදු ගහන ඒ ව්‍යාපාරිකයන් විනාශ කිරිමේ වැඩසටහන්. කිසිදු ආණ්ඩුවක් ඒ ව්‍යාපාරිකයන්ට සහය ලබාදුන්නේ නෑ. සමගි ජනබලවේග රජයක් තුළ ආයෝජන රටට ගෙනැවිත් ඒ ආයෝජන පෞද්ගලික අංශයට ලබාදෙන්න කටයුතු කරනවා. ලෝකය සමඟ බද්ද වෙලා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කරන්න පෞද්ගලික ව්‍යවසාකයන්ට අවස්ථාව ලබාදෙන්න සමගි ජනබලවේග රජයක් තුළ කටයුතු කරනවා. මේ වැඩසටහනට අවශ්‍ය තොරතුරු සහ සම්පත් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා ලෝකය සමග සම්බන්ධීකරණය ඇති කරගෙන තිබෙනවා.
රටේ මිනිස්සුන්ගේ බඩ ගින්න නැති කරන්න , හොඳ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයක් ඇති කරන්න , ලෝකය සමඟ සම්බන්ධ වෙලා රැකියා ලබාගැනීමට ලංකාවේ දරුවන්ට අවස්ථාවක් ඇති කිරිමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී පැමිණීමට නියමිතයි. මෙවැනි ක්‍රම තමයි ලෝකයේ රටවල් දියුණු කරන්න භාවිතා කරලා තිබෙන්නේ.

සැප්තැම්බර් මාසය වනවිට අනිවාර්යෙන් ජනාධිපතිවරණයක් තිබිය යුතුයි. මැතිවරණය පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට සහ ජනාධිපතිවරයාට තීන්දු කරන්න බෑ. ඔක්තොම්බර් 17 වෙද්දි අලුත් ජනාධිපතිවරයෙක් රටේ පත්විය යුතුයි. ඒ ක්‍රමවේදය කිසිදු අයෙකුට වෙනස් කරන්න බෑ. සැප්තැම්බර් මාසය අවසන් වනවිට රටටේ ජනාධිපතිවරයා විදිහට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත් කරගෙන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරලා රටේ ජනතාවගේ බඩගින්න අවසන් කරනවා.‘‘

  • විධායක ජනාධිපතිධූරය වෙනස් කරන්න ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි – ව්‍යවස්ථාව වෙනස් කරන්න කාලයක් නෑ

‘‘විධායක ජනාධිපතිධූරය වෙනස් කරන්න ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ඒ සංශෝධනය සම්මත වීමට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අවශ්‍ය වෙනවා. පසුව ඉදිරි වැඩ කටයුතු සිදුවෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන්න ඕන. ව්‍යවස්ථාව වෙනස් කිරිම මාසයෙන් දෙකෙන් සිදුකරන්න බෑ. විධායක ජනාධිපතිධූරය වෙනස් කරන්න කාලය ප්‍රමාණවත් නෑ. ජනාධිපතිවරණයට දින 180 ක් වගේ කාලයක් තිබෙන්නේ. මේ කෙටි කාලය තුළ ව්‍යවස්ථාව වෙනස් කරලා ජනමත විචාරණයක් තියන්න බෑ. විධායක ජනාධිපතිධූරය වෙනස් කරන්න විධිමත් ක්‍රියාවලියක් තිබෙනවා. එයින් පිට පැනලා මේ ක්‍රියාදාමය සිදුකරන්න බෑ. ජනාධිපතිධූරය පැවැත්විය යුතු කාල සිමාවක් ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ කාල සීමාව වෙනස් කරනවානම් ඒ සම්බන්ධව ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනයට පසුව එක් දිනයක්වත් ජනතාවගෙන් අහන්නේ නැතිව ජනාධිපතිධූරයේ වාඩි වෙන්න බෑ. ඒකාධිපතිව රටේ නීති වෙනස් කරන්න කාටවත් බෑ.‘‘

  • ආණ්ඩුව වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක විය යුතුයි

‘‘යුක්තියේ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කරන බව කියනවා. නමුත් මහ පාරේ ප්‍රසිද්ධියේ වෙඩි තබා පුද්ගලයින් ඝාතනය කරන තත්ත්වයකට රට පත් වෙලා තිබෙනවා. කවුරු කොයි මොහොතේ කාට වෙඩි තියයිද කියලා කියන්න බෑ. එවැනි තත්ත්වයක් අද රටේ ඇතිවෙලා තිබෙනවා. යුක්තියේ මෙහෙයුමෙන් මේ සියලු අපරාධ මඩින්න වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ආණ්ඩුව වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක විය යුතුයි. යුක්තියේ මෙහෙයුමේ හොද වැඩ තිබෙනවා. නමුත් එහි තිබෙන අඩුපාඩු පෙන්වා දිය යුතුයි. කුඩු පැකට් එක වෙනුවට මහා පරිමාණ කුඩු ව්‍යාපාරිකයන් නීතියේ රැහැනට කොටු කිරිමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය ශක්තිය විපක්ෂයක් විදිහට කළයුතුයි”