පෙර අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා.

නැවත වතාවක් ඊයේ (10) පස්වරු 04 ට මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය 48 ක කාලයක් පුරා ක්‍රියාත්මක බවයි එම වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි නුවරඑළිය, මහනුවර ඇතුලු තැපැල් කාර්යාල විකිණීම, 2024 අයවැයෙන් රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීමක් ලබාගැනීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.