සමඟි ජන බලවේගයෙන් නෙරපන ලද පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේශ්ව ජනාධිපති උපදේශකවරයකු ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ ජනාධිපතිත්වය හොබවන රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ සිටියදී දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පසුගියදා සමගි ජනබලවේගය තීරණය කළා.
මිට පෙර අවස්ථා ගණනකදීම වඩිවෙල් සුරේශ් විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ක්රියා කාලාපය අගය කරමින් ප්රකාශයන් සිදුකර ඇති අතර සමඟි ජන බලවේගයේ නායකත්වයද විවේචනය කළ අවස්ථා දැක ගැනීමට හැකි වුණා.