ජනතාවගේ මුදල් මංකොල්ල කෑ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්,ජනතාවගෙන් සොරාකන ලද මුදල් සියල්ල නැවත පවරා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

අද ජන ජීවිත මත ආණ්ඩුව බර පටවන බවත්, දරාගත නොහැකි ජීවන මේ මෙදා හමුවේ ජනතාව බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගය සිහිනය වන්නේ මේ රට විශිෂ්ට තැනකට ඔසවා තැබීම බව පැවසූ විපක්ෂ නායකතුමා මේ මැතිවරණයෙන් පසු ඒ වෙනුවෙන් ගමන ආරම්භ කරන බවද පැවසීය. විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ මිහින්තලේ, නාච්චදූව ජන රැලියට ඊයේ (12) සහභාගී වෙමිනි.